Language Switcher

V2025

ලෝක ශූරයින් අග්‍රාමාත්‍ය තෙරේසා හමුවෙයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිමෝගන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය අගමැති නිල නිවසේදී හමුවී තිබේ. කර ගත් ඔයින් 

ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට කිරුළ දිනා ගත්තේ ය.

ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහනයත් සමගිනි.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මුණ ගැසී ඇත්තේ ඇය සිදු කළ ආරාධනාවක් මතයි.

එහිදී අදහස් දක්වමින් තෙරේසා මහත්මිය පවසා ඇත්තේ, එංගලන්ත ක්‍රීඩකයින් ඉතිහාසය අලුතින් ලිය වූ බවයි.

රට ජාතිය තුළ යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිසරයක් බිහි කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇති අතර,
නවීන බ්‍රිතාන්‍ය නියෝජනය කරන ක්‍රීඩකයින් ලෙස ඇය මෙහිදී එංගලන්ත කණ්ඩායම හඳුන්වා ඇත.

මෙහිදී එංගලන්ත ක්‍රීඩකයින්ගේ අත්සන් සහිත සමරු පිත්තක් ද අග්‍රමාත්‍ය තෙරේසා මහත්මිය වෙත එංගලන්ත කණ්ඩායම විසින් පිරිනමා තිබේ.

මේ අතර ලෝක කිරුළ හිමිකර ගත් එංගලන්ත කණ්ඩායමට එංගලන්තයේ දෙවන එළිසබෙත් මහ රැජිණ විසින් සිය ශුභාශිංසන එක් කර ඇති බවද වාර්තා වේ.

එංගලන්ත රාජකීය තැපැල් සේවය එළිසබෙත් මහ රැජිණ හා පිලිප් කුමරු නිකුත් කළ ශුභාශිංසන පණිවුඩය නිවේදනය කර ඇති බව සඳහන් විය.

එමෙන්ම එංගලන්ත රාජකීය තැපැල් සේවය විසින් මෙම ජයග්‍රහණය සැමරීමට එංගලන්තය පුරා ඇති තැපැල් පෙට්ටි 15 ක් රන් පිත්තකින් පන්දුවකින් හා කඩුල්ලකින් සැරසීමට ද තීරණය කර තිබීම විශේෂත්වයකි.

ඒ, තරගාවලිය පැවති ක්‍රීඩාංගණය ආසන්නයේ යි.

එමගින් එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් හා 2017 කාන්තා ලෝක කුසලානය එංගලන්තයට හිමිකරදුන් නායක හීතර් නයිට්ගේ විශේෂත්වය ලොවට ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ අරමුණයි.

එම පින්තාරු කිරීම් මාස තුනක් එලෙස පැවතීමට නියමිත අතර ඉන් පසුව ඒවා රන් ආලේපිත ඵලකයකින් සැරසීමට ඔවුන් තීරණය කර ඇත.

එමෙන්ම ලෝක කුසලානය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම එරට පාසල් සිසුන් සියයකට අධික පිරිසක් අවසන් මහා තරගය පැවැත් වූ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මුණ ගැසී තිබේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාවට කුඩා ළමුන්ගේ ඇති උනන්දුව වර්ධනය කිරීම සඳහා පැවැත් වූ කඳවුරකට සමගාමීව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙලෙස එම සිසුන් පිරිස මුණ ගැසී ඇති බව සඳහන් ය.