Language Switcher

V2025

රාත‍්‍රියටත් විවෘත චීනයේ ෂැංහයි සත්ව උද්‍යානය

චීනයේ ෂැංහයි සත්වෝද්‍යානය දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත් ජනතාව සඳහා විවෘතව තැබීමට එහි බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

සත්ව උද්‍යානය රාත‍්‍රියේදීත් විවෘතව තැබීම තුළින් සංචාරක ආකර්ෂණය තව තවත් දිනා ගැනීමට හැකි වනු ඇතැයි සත්ව උද්‍යාන බලධාරීන්ගේ අදහස වී ඇත.

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා රාත‍්‍රියේ සිට ෂැංහයි රාත‍්‍රීයේදීත් විවෘත වනු ඇත.

සත්ව විශේෂ 100කට පමණ අයත් සත්ත්වයන් 5000කට අධික ප්‍රමාණයක් මෙම සත්ව උද්‍යානයේදී දැක ගැනීමට හැකි අතර රාත්‍රී කාලයේදී සත්ත්වයින්ගේ හැසිරීම් රටා දැකගැනීමට හැකිවීම නරඹන්නන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදෙනු ඇත.

මීට සමගාමිව ෂැංහයි සත්වෝද්‍යානයේ විශේෂ ආලෝකකරණ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර තිබේග

සත්ත්වයින්ට ස්වාභාවික සඳ එළිය පවතින විටදී මෙන්ම අපහසුවකින් තොරව සිය ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි වන පරිඳි එහි ආලෝකකරණ කටයුතු සිදුකර තිබීමත් විශේෂත්වයකි.

සත්වෝද්‍යානය ජනතාවට රාත්‍රී කාලයේදී විවර කිරීමට පෙර සිදු කරන පරීක්ෂණයක් වශයෙන් එය ඉකුත් සෙනසුරාදා රාත්‍රීයේදී විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.