Language Switcher

V2025

වාසනාවේ මියුරු හඩ රනූ මොන්ඩාල්

වාසනාව කොයි මොහොතේ අපව සොයා එන්නේ දැයි කිව නොහැකිය. සමහර විට එය කිසි දිනෙක ඔබව සොයා නොඑන්නටද පුලුවන. පසුගියදා ඇමේසන් වනය පුරා ලැව් ගින්නක් පැතිර යද්දී ඉන්දියාව පුරා ලැව් ගින්නක් මෙන් ඇවිලුණු නමක් බවට පත්වූයේ රනූ මොන්ඩාල්ය.

අසහාය ඉන්දීය කලා අඹරට හදිසියේම පෑයූ තරුවක් බවට පත්වූ රනූ මොන්ඩාල් යනු දුප්පත්කම දෝතින් ගෙන අතිශය දුෂුකර ජීවිතයක් ගත කල යුවතියකි. එහෙක් අද ඇය ඉන්දියාවේ ගීත කෝකිලාවියක් බවට පත්ව ඇත්තේ ඈ ජන්මයෙන්ම උරුම කරගත් අසහාය ගායන හැකියාව හා මියුරු කටහඩ නිසාමය.

ඉන්දියාවේ ක‍්‍රිෂ්ණ නගර්හි ඉපිද හැදී වැඩුනු රනූ මොන්ඩාල් කුඩා කාලයේදීම සිය මවත් පියාත් අහිමි දියණියක්ව නැන්දනිය භාරයේ හැදී වැඩෙන්නේ දහසක් කම් කටොලු මධ්‍යයේය.

වයස අවුරුදු 19 වන විට විවාහ ජීවිතයට ඇතුළත් වන ඇය සිය සැමියා සමග මුම්බායි නගරයට පිටත්ව යන්නේ සුවහසක් බලාපොරොත්තු දල්වාගනිමිනි. එහෙත් ඇය එහි ගොසි ටික කලකින් සිය බලාපොරොත්තු කඩා ඉහිරෙද්දී මහමගට වැටෙන්නට සිදු විය. ඒ නිසාම ජීවිතේ මහමගම ගෙවා දමන ඇය නැවත නැන්දනිය අසලට පැමැණෙන්නේ මීට 20 වසරකට පෙරය.

එසේ පැමිණෙන ඇය කුසට අහරක් නොමැතිව බවා ජීවත් වීමට සටන් කළේ රේඩියෝවෙන් ඇසෙන ලතා මංගේෂ්කාර්ගේ, මොහොමඩ් රාෆිගේ ගීතයන් ආහාර බවට පත් කර ගනිමිනි.

පසුගිය දිනෙක ඇය රනාගට් දුම්රිය මැදිරියේ අවන්හලක් අසල බිම හිදගෙන සිටිද්දී ඇයට මෙහොමඩ් රාෆිගේ ගීයක් රේඩියෝවේ සුසර වනු ඇසිණ. ඇය එම ගීය පුරුද්දට මෙන් හෙමින් මුමුණද්දී ඒ අසල සිටි අතීන්ද‍්‍ර චක‍්‍රබෝර්ති නම් 26 හැවිරිිදි තරුණකේ මොහොමඩ් රාෆිගේ ගීතයට අනුව ඇගේ ගීත ගායනය වීඉියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හරින අතර එතැන් පටන් ලක්ෂ වාර ගණනක් ඇගේ එම වීඩියෝව නරඹන්නට පරිශීලකයන් කටයුතු කර තිබිණ.

ඒ සමග ඇ පිළිබද බොහෝ දෙනා දැනගත් අතර වාසනාව ඇය සොයා පැමිණෙන්නට විය. ඉන්දීය චිත‍්‍රපට ගායක හිමේෂ් රෙසමියා සමග චිත‍්‍රපට පසුබිම් ගායනයකට අවස්ථාවක් සළසා ගන්නා ඇය මේ වන විට සිය දුප්පත් දුෂ්කර ජීවිතයෙන් මිදී යහලත් ජීවිතයකට අවතීර්ණය වෙමින් සිටින්නේ සිය පෙනුම ඇදුම් පැලදුුම් පවා වෙනස් කර ගනිමිනි.

වාසනාව ඇය සොයා ආවේ නොසිතූ මොහොතකය. ඇය මෙතරම් ජනප‍්‍රිය වනු ඇතැයි ඇය කිසි දිනෙක නොසිතන්නට ඇත. මේ වියෝව ඇගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි ඒ තරුණයාද නොසිතන්නට ඇත. එහෙත් දින කිහිපයකින් බොහෝ දේ සිදු වී අවසන්ය. මේ අයුරින් තවත් රනූ මොන්ඩාල්ලා බිහිවනු ඇති නම් හුදු තරු වලට වඩා නියම තරු කලා අඹරට එක් වනු ඇත.