Language Switcher

V2025

මාලිගෙන් ලෝක වාර්තාවක්

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දු 04 කින් කඩුලු 04 ක් දවා ගත්තේ ය.

ඒ, නවසීලන්තය සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී.

එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 37 කින් ජය ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 88 ක් පමණි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125 කි.

නවසීලන්තය පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, ලසිත් මාලිංග තරගයේ තෙවැනි පන්දුවාරයේදී 2‍0යි 20 ක්‍රිකට් පිටියේ පළමු වරට කඩුලු ත්‍රිත්වයක් දවා ගත් අතර ඊළඟ පන්දුවෙන් 04 වැනි කඩුල්ල ද දවාගත්තේ ය.

20 යි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසින් ද මාලිංග අද ඉතිහාසයට එක්විය.