Language Switcher

V2025

තුසිතගේ කළු කඳුළට : සැප්තැම්බර් 18 සුදර්ශියට එන්න ! 

මාධ්‍යවේදී තුසිත පතිරණගේ කුළුඳුල් පොත “කළු කඳුළ" කාව්‍ය  සංග්‍රහය එළි දැක්වීම සැප්තැම්බර් මස 18 වන බදාදා , කොළඹ 07, සුදර්ශී ආයතනයේදී ( BMICH ඉදිරිපිට ) සිදුකිරිමට නියමිතය.

 රුහුණු විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂවේදී උපාධිධාරියෙකු වන  තුසිත පතිරණ පසුව ජනතා විමුක්ති පෙරමුණේ  පූර්ණ කාලීන දේශපාලනයෙහි නිතර වූ අතර එම කාලය අතරතුර නියමුවා, ගිනිසිළුව , නිදහස , තාරුණ්‍යා පුවත්පත්හි සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කළ අතර පසුව ජනරළ පුවත්පතහි මාධ්‍ය වේදියෙකු වශයෙන්ද  කටයුතු කළේය.

මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රෙය් පුවත් වෙබ් අඩවි කිහිපයක හිමිකාරීත්වය උසුන ඔහු, the independent.lk වෙබ් අඩවියෙහි මෙන්ම lankatarget.com, pawura.com, යන වෙබ් අඩවිහි ප්‍රධාන කර්තෘවරයා ලෙස හා හිමිකරුවා ලෙසත්  කටයුතු කරයි.