Language Switcher

V2025

අකිලට වසරක තරග තහනමක් !

පන්දු යැවීමේ ඉරියව්ව නැවතත් නීතිවිරෝධී බව තහවුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබේ.

පසුගිය නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව තරග විනිසුරුවරුන් වාර්තා කළ අතර, ඉන්පසු ඔහු චෙන්නායි වෙත ගොස් විශේෂ පරීක්ෂණයකට පෙනී සිටි අතර එහි ප්‍රතිඵලවලින් තහවුරු වී ඇත්තේ පන්දු යැවීමේදී ඔහුගේ අත නියමිත අංශක ප්‍රමාණයට වඩා නැවෙන බවයි.

මෙම පරීක්ෂණයට අනුව ඔහු යවන ඇතැම් පන්දුවලදී අංශක 17 ක් පමණ අත නැවෙන බව හෙළි වී තිබේ. 

ජාත්‍යන්තර තරග නීතිවලට අනුව අත නැවිය හැකි උපරිම ප්‍රමාණය අංශක 15 කි.

අකිල ධනංජයගේ පන්දු යැවීම නීතිවිරෝධී බව මීට පෙර ද වාර්තා වූ අතර, වසරක තරග තහනමක් පනවා ඇත්තේ මාස 12 ක කාලය තුළ අවස්ථා දෙකකදී පන්දු යැවීම නීතිවිරෝධී බව තහවුරු වීම හේතුවෙනි.