Language Switcher

V2025

චන්ද්‍රා කළුආරච්චි ජිවන ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි අද (නොවැම්බර් 01 ) පස්වරුවේ ස්වකීය ජීවිතයට සමුදුන්නාය. 

ඇගේ දේහය නොවැම්බර් 02 දා පෙරවරු 10 සිට නොවැම්බර් 03 දා පස්වරු 4 දක්වා ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර 140/31 දරණ තැන පිහිටි නිවසේ තැන්පත් කර ඇත. 

අවසන් කටයුතු 3 දා සවස 5 ට දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පැවැත්වේ. 

ප්‍රවීන සංගීත ශිල්පී ලක්ෂ්මන් විජේසේකරගේ බිරිඳ වන ඇය මියයන විට ඇය වයස 76 වියෙහි පසුවූවාය.

1960 දශකයේදී සිනමාවට පිවිසි චන්ද්‍රා කළුආරච්චි රංගනයෙන් දායකවූ චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, හිමගිර, යුවතිපති, පවුරු වළලු, ඉර මැදියම, බොරදිය පොකුණ සහ නිසල ගිර බෙහෙවින් ප්‍රේක්ෂක සිත් ඇද තබා ගත්තාය.