Ad

Ad 01

V2025

විනෝදාස්වාද

වාර්තා අලුත් කල එංගලන්ත - දකුණු අප්‍රිකා සටන

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය.

මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී ලකුණු 158ක් පමණි.

මෙය එංගලන්තය ඉහළම ලකුණු පරතරයක් සහිතව ලැබූ විස්සයි20 ජයග්‍රහණය වේ.

මෙම ජයත් සමග ඔවුන්ට තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමටද හැකිවිය.

එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව ICC පූර්ණ සාමාජික රටක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව වේ.

මීට පෙර එම වාර්තාව ඉන්දියාව විසින් පිහිටුවා තිබූ අතර, ඔවුන් 2024 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 297/6ක් රැස්කර තිබුණි.

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2024 වසරේ පැවති තරගයකදී ගැම්බියාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 344/4ක් රැස්කිරීමය.

මෙහිදී එංගලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත්කළ ෆිල් සෝල්ට් පන්දු 60කින් නොදැවී ලකුණු 141ක් රැස්කළේය.

එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඉන් ශතක කඩඉම ඔහු පන්දු 39කින් පසුකළ අතර, එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය.

මෙම තරගයේ දී ජොෂ් බට්ලර්ද පන්දු 30කින් ලකුණු 83ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු හා ෆිල් සෝල්ට් පළමු කඩුල්ලට පන්දුවාර 7.5කදී ලකුණු 126ක සබඳතාවක්ද පැවැත්වූහ.

 

Ada derana.lk

නාසා ආයතනයෙන් චීන ජාතිකයින්ට තහනමක් !

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය, වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට එහි පහසුකම් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසා හි කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ පර්යේෂණ සඳහා දායක වන සිසුන් ලෙස පමණක් සේවය කළ හැකි චීන ජාතිකයින්ට සැප්තැම්බර් 05 වන දින නාසා හි පද්ධති සහ පහසුකම් වෙත ප්‍රවේශය අහිමි වී වනු ඇත.

පසුව නාසා ආයතනය මෙය තහවුරු කරමින් කියා සිටියේ චීන ජාතිකයින්ට ඔවුන්ගේ කාර්යයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආයතනයේ පහසුකම් ද්‍රව්‍ය සහ ජාල භාවිතා කිරීම සීමා කරන බවයි.

චීනයේ කඩිනම් අභ්‍යවකාශ වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදය බිය ගන්වා ඇති අතර විශාලතම ආර්ථිකයන් දෙක අතර තරඟය වේගවත් කර තිබේ.

වොෂින්ටනය නාසා ආයතනයට තම දත්ත චීනය සමඟ බෙදා ගැනීම තහනම් කර ඇති බැවින්, චීන ගගනගාමීන් දැනටමත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) බැහැර කර ඇත.

ජාතික ආරක්ෂක ගැටලු හේතුවෙන් නාසා ආයතනයේ නවතම තහනම දෙපාර්ශ්වය අතර විද්‍යාත්මක සහයෝගීතාවයේ පිරිහීම තවත් වැඩි කරනු ඇති බවට මත පළ වේ.

තාක්ෂණික දියුණුවක් ලබා ගැනීමට තරඟ කරන විට, බීජිං සහ වොෂින්ටනය ද එකිනෙකා කෙරෙහි වඩ වඩාත් සැලකිලිමත් වී ඇත.

මෙම සැකය නිසා සමහර චීන සිසුන්ට, විශේෂයෙන් විද්‍යාව හා තාක්ෂණය හදාරන සිසුන්ට වීසා ලබා ගැනීම හෝ වීසා බලපත්‍රයක් ලබා ගත් පසු එක්සත් ජනපදයට ඇතුළු වීම පවා දුෂ්කර වී තිබේ.

චීන ජාතිකයන් විසින් ඔත්තු බැලීමේ චෝදනා එල්ල වූ බවට මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ සිද්ධීන් කිහිපයක් ද වාර්තා වී ඇති අතර, විශේෂයෙන් විද්‍යාඥයින් දැඩි අවධානයට ලක්ව ඇත.

ඉතිහාසයේ පළමුවරට මුණගැසෙන කණ්ඩායම් 2ක් අද ඩුබායිහිදී පිටියට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා ඕමානය අතර තරගය අද (12) ඩුබායිහිදී පැවැත්වේ.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

'A' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ සිව්වන තරගය යි.

මෙම තරගයේ සුවිශේෂත්වය වන්නේ ‍පාකිස්තානය හා ඕමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුහුණට මුහුණ තරගවදින පළමු අවස්ථාව මෙය වීමයි.

ICC පැරැණිම පූර්ණ සාමාජික රටවක්වන පාකිස්තානයට වසර 73කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් අතීතයක් ඇත.

ඔවුන් 1952 වසරේ දී ඉන්දියාවට සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාකරනු ලැබීය.

කෙසේ නමුත් ICC අර්ධ සාමාජික රටක්වන ඕමානයට ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස වසරක අත්දැකීම්ය.

ඔවුන් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩාකර ඇත්තේ 2015 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිවය.

එම තරගය විස්සයි20 ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත්විණි.
  

 

Ada derana.lk

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්

C - රග්බි 2025 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ/පුෂ්පදාන යන සොයුර/සොයුරී විදුහල් ඒකාබද්ධ කණ්ඩායම සමත් වුනා. ඔවුන් මේ ටැග් රග්බි ‘කප්’ ශූරතාව දිනා ගත්තේ ගල්කිස්ස විද්‍යා/උසස් බාලිකා විදුහල් කණ්ඩායම 1-0කින් පරදවමින්.

 

මහනුවර කිංස්වුඩ්/උසස් බාලිකා ඒකාබද්ධ විදුහල් කණ්ඩායම තරගාවලියේ ‘ප්ලේට්’ ශූරයන් වුනා. ඔවුන් එම ශූරතාව හිමිකර ගත්තේ කොළඹ තර්ස්ටන්/දේවි බාලිකා ඒකාබද්ධ පිලට එරෙහිව ලැබූ 2-1ක ජයග්‍රහණයකින්.

ra 1

කොළඹ වෙස්ලි/මෙතෝදිස්ත ඒකාබද්ධ විදුහල් කණ්ඩායම ‘බෝල්’ කිරුළ හිමිකර ගත් අතර ඔවුන් හමුවේ 1-0කින් පරාජය වුනේ මහනුවර ධර්මරාජ/මහමායා ඒකාබද්ධ කණ්ඩායම.

ra2

 

ඉතා ජනප්‍රිය වාර්ෂික තරගාවලියක් වන මේ ඉසව්වට කණ්ඩායම් 16ක් සහභාගි වුනා. මෙහිදී විද්‍යාර්ථ විදුහලේ හෂාන් පෙරේරා තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස තේරුණු අතර වඩාත්ම වටිනා ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනේ පුෂ්පදාන විදුහලේ හෂිනි මාලව තෙන්නකෝන්.

ra 3

 

මෙරට වාර්ෂික රග්බි කැලැන්ඩරයේ මේ තරගාවලිය ජනප්‍රියත්වයක් උසුලන්නේ පසුගිය වසරේ පාසල් රග්බි තරු නැවත පිටියට පිවිසීම නිසා. බාලිකා පාසල් ඔවුන්ගේ සමාන බාලක පාසල් සමග එක්වන මේ තරගාවලිය ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ මේ ආකාරයේ පළමු තරගාවලිය ලෙස සැලකෙනවා.

 

ra 4

 

සැණකෙලි සිරියෙන් යුතුව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මේ තරගාවලිය 9 වැනි වසරටත් සංවිධානය කළේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර රග්බි විනිසුරුවකු වන ඩිල්රෝයි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් යුත් Agoal රග්බි ප්‍රවර්ධන ආයතනය.

ra 5

 

 

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

The leader.lk

Page 2 of 45