විනෝදාස්වාද

හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ(15) සමත් වුණා.
ඒ හොංකොං කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට හිමි වු ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 06 පමණක් දැවී ලකුණු 153ක් ලකුණු පුවරුවේ සටහන් කරමින්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිස්සංක 17 වැනි විස්සයි 20 අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු ලෙස ද වාර්තා අතරට එක් විය.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය.
කුසල් පෙරේරා ලකුණු 20 යි
පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගිමට හොංකොං ආරම්භක පිතිකරුවන් සමත් විය.
දුෂ්මන්ත චමීර ගේ පන්දුවක් හමුවේ සෙශාන් අලි දැවී යාම හේතුවෙන් එම සබඳතාව බිඳ වැටුණේය.
දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ලොව වේගවත්ම මිනිසා ජැමෙයිකාවෙන් වන විට වේගවත්ම කාන්තාව ඇමෙරිකාවෙන් බිහි වෙයි
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ඉසව්ව ජය ගැනීමට අමෙරිකා එක්සත් ජනපදයේ මෙලිසා ජෙෆර්සන් වුඩන් සමත් විය.
ඇයට මීටර් 100 ඉසව්ව සඳහා ගත වී ඇත්තේ තත්පර 10.61 කි.
එසේම මීටර් 100 පිරිමි ඉසව්වේ ජය හිමිකර ගත්තේ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විසිනි.
ඔහු තත්පර 9.77 කින් මීටර් 100 ඉසව්ව අවසන් කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා - හොංකොං T20 ක්‍රිකට් තරඟය අද..
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

වාර්තා අලුත් කල එංගලන්ත - දකුණු අප්‍රිකා සටන
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය.
මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී ලකුණු 158ක් පමණි.
මෙය එංගලන්තය ඉහළම ලකුණු පරතරයක් සහිතව ලැබූ විස්සයි20 ජයග්‍රහණය වේ.
මෙම ජයත් සමග ඔවුන්ට තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමටද හැකිවිය.
එංගලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව ICC පූර්ණ සාමාජික රටක් ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව වේ.
මීට පෙර එම වාර්තාව ඉන්දියාව විසින් පිහිටුවා තිබූ අතර, ඔවුන් 2024 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 297/6ක් රැස්කර තිබුණි.
ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2024 වසරේ පැවති තරගයකදී ගැම්බියාවට එරෙහිව සිම්බාබ්වේ ලකුණු 344/4ක් රැස්කිරීමය.
මෙහිදී එංගලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත්කළ ෆිල් සෝල්ට් පන්දු 60කින් නොදැවී ලකුණු 141ක් රැස්කළේය.
එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ඉන් ශතක කඩඉම ඔහු පන්දු 39කින් පසුකළ අතර, එය එංගලන්ත පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
මෙම තරගයේ දී ජොෂ් බට්ලර්ද පන්දු 30කින් ලකුණු 83ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු හා ෆිල් සෝල්ට් පළමු කඩුල්ලට පන්දුවාර 7.5කදී ලකුණු 126ක සබඳතාවක්ද පැවැත්වූහ.
Ada derana.lk
Page 1 of 44