V2025

විනෝදාස්වාද

සේමිණීගේ අලුත්ම කැප්සියුල් එක

සේමිණී ඉද්දමල්ගොඩ මේ දවස් වල රංගනයට අමතරව තවත් කටයුක්තකට එකතු වෙලා තියනවා. ඒ තමයි Purtier Placenta Live කැප්සියුලය බෙදා හැරීමේ මෙරට නියෝජිතවරිය ලෙස කටයුතු කිරීම.

නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන මෙම කැප්සියුලය ලිංගික ශක්තිය වැඩිකරගැනීමට වගේම ගෙවී ගිය වසර 10ක තාරුණ්‍ය නැවත ලබාදීමේ හැකියාවකින් යුතු බවයි ආරංචිය.

ලැබුණ ආරංචිය ඇත්තද කියලා බලන්න අපි සේමිණීට කතා කළා. එතකොට තමන් අතගහපු අලුත් වැඩේ ගැන සේමිණී කිව්වේ මෙහෙම කතාවක්,

“පර්චියර් ප්ලෙසන්ටා (Purtier Placenta) භාවිතා කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් (Internal organs) නැවත අලුත් වෙනවා වගේම පළිකාව, කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ ලිංගික බෙලහීනතාවය වැනි රෝග සුවකිරීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි සම දීප්තිමත් කර හිසකෙස් වර්ධනය කිරීමද මෙමගින් සිදුවෙනවා”

“විශේෂයෙන්ම කියන්න ඕනේ මේක හදන්නේ ගෝනගේ වැදෑමහෙන්. අතිරේක ආහාරයක් (Live Suplement) විදිහටත් මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 100%ක් ස්වාභාවික නිසා කිසිම අතුරු ආබාධයක් ගැන බිය වියයුතු නෑ”

“විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව මම මේ දෙවල් පවසන්නේ පර්චියර් ප්ලැසෙන්ටා භාවිතා කරන කෙනෙක් හැටියට මිසක් නියෝජිත වරිය විදියට නෙවෙයි. මොකද මම එයින් 100% ක් ප්‍රථිපල අත්විඳින නිසා.”

 සුජීවා බණ්ඩාර

Comment (0) Hits: 2678

අනුෂ්කා සහ කොලි යුගදිවියට

ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ විවාහය පසුගිය 11 වනදා ඉතාලියේදී පැවැත්වුණා.

ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වූ බව ප්‍රකාශ කරමින් අනුෂ්කාගේ සහ විරාට් කෝලිගේ ට්විටර් ජාලයේ සටනක් පළ කර තිබුණා. එහි සඳහන් වුණේ, “ අද අපි දෙදෙනා එකිනෙකාට පොරොන්දු වුණා සදාකල්ම ආදරෙන් බැදී සිටින බවට. අප සමග මේ පුවත බෙදා ගැනීමට එකතු වූ සැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ සුන්දර දිනය ගොඩක් ආදරණීයයි. අපිට සුබ පතන්නට පවුලේ සාමාජිකයන් රසිකයන් එකතු වී තිබෙනවා. අපේ ගමනේ කොටසක් වීම පිළිබඳ ස්තුතියි.” යනුවෙනුයි.

හින්දු චාරිත්‍ර අනුකූලව සිදු වූ මෙම විවාහ උත්සවයට දෙදෙනාගේ පවුලේ සාමජිකයන් පමණක් එකතු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා පවසන්නේ "ඔවුන්ගේ විවාහය ඉතා පෞද්ගලික කාරණයක්" බවයි.

කෙසේ වෙතත් දෙසැම්බර් 21 වනදා දිල්ලිහි ඥාතීන් ඔවුන් පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර ඇති අතර දෙසැම්බර් 26 වන දින මුම්බායිහිදී බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබෙනවා. මේ අතර ශාරුක් ඛාන්, අභිෂේක් බච්චන් ප්‍රියංකා චොප්රා ඇතුළු බොලිවුඩ් නළු නිලියන් ටිවිටර් වෙතින් නව යුවළට සුබ පැතුම් එක් කර තිබුණා.

සඳමාලී වීරසේකර

Comment (0) Hits: 868

බේකරියේ සෙට් එකේ අලුත්ම වල බැසීම

කොට්ටාව, මහල්වරාව බේකරියේ පැවැත්වෙන “කෙටි නාට්‍ය දැක්ම සහ සංවාදය වල බැසීම” දෙසැම්බර් 23 සවස 7.00 ට පැවැත්වෙයි.

එහිදී කෙටි නාට්‍ය ලෙස අසංක සායක්කාරගේ “ශ්‍රීමත් සූමන”, එස් අයි සමරක්කොඩිගේ “ක්‍රොන්ක්‍රීට් ආදාරය”, නාමල් බංඩාරගේ “ගැහැනියක්” යන නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

මෙහි සංවාදයේ මුලික අදහස් දැක්වීම චුලානන්ද සමරනායක වෙතින්ය.

මේ සඳහා රුපියල් 100 ක ප්‍රවේශපත්‍රයක් නිකුත්කර ඇති අතර මෙතැන් පටන් මාසිකව නාට්‍ය ප්‍රදර්ශනයක් සහ සංවාදයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Comment (0) Hits: 904

වේදිකාවෙන් මහ පොළවට කෙටි නාට්‍ය උළෙල දෙසැ 13 දා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ මහා මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන වේදකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 2017 දෙසැම්බර් 13 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එහි සමාරම්භය සනිටුහන් කරමින් විවිධ රටවල සංස්කෘතීන් නියෝජනය කරන “සංස්කෘතික පාගමනක්” නුගේගොඩ නගරයේ සිට විශ්ව විද්‍යාල පරිශ්‍රය දක්වා පැවැත්වීමට සුදානම් කර ඇති අතර එය පස්වරු 3.00 ට ආරම්භ වන බව සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.

කෙටි නාට්‍ය උළෙලේ සමාරම්භක උත්සවය විශ්ව විද්‍යාල එළිමහන් රංග පීඨයේ දී පස්වරු 6.00 ට ආරම්භ වන බවද සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.

සුජීවා බණ්ඩාර

2

Comment (0) Hits: 1451

Page 59 of 62