V2025

විනෝදාස්වාද

දෙස්පසීතෝ : බිලියන 4.3 ක් නැරඹු ගීතයක්!

ගතව යන වසරේ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ දෙස්පසීතෝ සංගීත වීඩියෝව ලොව පුරා සංගීත ලෝලීන් බිලියන 4.3ක් නරඹා තිබෙන බව එහි වීඩියෝ ප්‍රකාශන සමාගම අනාවරණය කර තිබේ.

ලොව පුරා රටවල් 47ක ජනප්‍රියම වීඩියෝව බවට පත් වූ Despacito බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 64.7 ක පිරිසක් නරඹා තිබෙන බව ද සමාගමේ දත්තවලින් හෙළි වේ.

ජනප්‍රිය පොප් ගායක ඩැඩී යැංකිගේ ද ගායන, නර්තන දායකත්වයෙන් ගායක ලුවිස් ෆොන්සි ගේ රේගේටන්-පොප් (reggaeton-pop) නිර්මාණයක් වන දෙස්පසීතෝමේවසරේ බ්‍රිතාන්‍යය තුළ වැඩියෙන්ම නැරඹු ගීත වීඩියෝව බවත්Vevo වීඩියෝ ප්‍රකාශන සමාගම සඳහන් කරයි.

දෙස්පසීතෝ ඇතුළු ලතින් භාෂාවෙන් ගැයුන ගීත බොහොමයක් 2017 දී ලෝකයේ ජනප්‍රියම ගීත වීඩියෝ අතරට එක් වී තිබේ.

ලොව පුරා සංගීත ලෝලීන් වැඩියෙන්ම නැරඹු ගීත වීඩියෝ පට පහම රේගේටන් හෝ රේගේටන්/පොප් සම්ප්‍රදායට අයත් වීමත් විශේෂත්වයකි.

ෆ්‍රෙන්ච් මොන්ටානා ගයන 'අන්ෆොගෙටබල්' මේ වසරේ බ්‍රිතාන්‍ය සංගීත ලෝලීන් අතර දෙවැනි ජනප්‍රියම ගීතය බවට පත් වී තිබේ. එය නරඹා ඇති පිරිස මිලියන 56.7 කි.

දෙස්පසීතෝ මේ වසරේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්වුවත්, එය දෙවැනි ස්ථානයට පත්කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියම ගීය බවට පත් වී තිබුණේ පෝස්ට් මැලෝන් ගයන 'කන්ග්‍රචුලේෂන්ස්' ගීතයය.

ටේලර් ස්විෆ්ට්, එක්සත් ජනපදයේ ගීත ලෝලීන් වැඩියෙන්ම නැරඹු සංගීත ශිල්පියාය.

ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූ දෙස්පසීතෝ ගීතය අනුකරණය කරමින් සිංහල ගීත වීඩියෝවක් ද පසුගියදා නිර්මාණය කර තිබුණි.

shani 500px

Comment (0) Hits: 1034

විදුලි සංදේශ නියාමන කොමිසමේ ක්‍රීඩා ජය ‘මයුර‘ට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රීඩා සංගමය වාර්ෂිකව පවත්වන නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය 16 වැනිදා පැවැත් වූ අතර, මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ පැවැති මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව හිමිකර ගනු ලැබුවේ ලකුණු 2770ක් ලබා ගත් මයුර නිවාසයයි. දෙවන ස්ථානය කෝකිල නිවාසයටත්, තෙවන ස්ථානය තිසර නිවාසයටත් හිමි විය.

මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමල් ජයතිලක මහතා සහභාගී විය.

View the embedded image gallery online at:
http://newstube.lk/entertainment?start=252#sigProIdb59d9ed026

 

Comment (0) Hits: 1205

“පල්පසා කැෆේ” කෘතිය එළිදැක්වීම - ජනවාරි 11

සුනන්ද දේශප්‍රිය විසින් පරිවර්තනය කළ නාරායන් වාග්ලේගේ ‘පල්පසා කැෆේ ’ කෘතිය පරිවර්තනය 2018 ජනවාරි මස 11 වෙනිදා සවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

ගරිල්ලා යුධ බිමක සිත්තරෙකුගේ රොමෑන්ටික් සිහිනය කතා තේමාව කොටගත් එම කෘතිය “නෙළුම් යාය” ප්‍රකාශනයකි.

මෙදින එම කෘතිය සම්බන්ධ සංවාද කතිකාවක්ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පැමිණෙන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරයි.

Comment (0) Hits: 885

සැර වැටුපක් සමඟ හතුරු ක්‍රිකට් පුහුණුකරුට (ඡායා)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද (20) නිලවශයෙන් පත්විය.

ඒ වෙනුවෙන් වන විශේෂ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති අතර ඒ සඳහා චන්දික හතුරුසිංහ සමඟ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලද සහභාගීව සිටියහ.

එහිදී අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පවසා සිටියේ “මං හැමෝටම ස්තුති වෙනවා මේ අවස්ථාව ලබාදීම ගැන. තමන්ගේ රටේ පුහුණුකරු ලෙස කටයුතු කරන්න ලැබීම ආඩම්බරයක් වගේම හොඳ අවස්ථාවක්. මං හිතන්නේ හරි වෙලාවේ තමයි මට මේ කටයුත්ත ලැබුණේ” කියාය.

ඉහලම වැටුපක්

මේ අතර පසුගියදා සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කර තිබුණේ චන්දික හතුරුසිංහ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 6ක වැටුපක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් ගතව ඇති ඇති බවය.

එසේම මීට පෙර එම තනතුරේ කටයුතු කළ ග්‍රැහැම් ෆෝඔඩ් හට ලබාදී තිබුණේ ඊටවඩා ඉතා අඩු වැටුපක් බවද එම වාර්තාවේ සඳහන්ව තිබිණ.

එසේම ක්‍රීඩා ආරංචිමාර්ග ද සඳහන් කර සිටින්නේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවකුට ගෙවා ඇති ඉහලම වැටුප චන්දික සඳහා වෙන්කර ඇති බවය.

View the embedded image gallery online at:
http://newstube.lk/entertainment?start=252#sigProId715f125708

 

Comment (0) Hits: 1153

Page 64 of 68