Language Switcher

V2025

තිදෙනෙක් පමණක් කතාකරන භාෂාවක්

මුළු ලෝකයේම තිදෙනෙක් පමණක් කතාකරන භාෂාවක් පිළිබඳව පාකිස්තානයෙන් වාර්තා වේ.

උතුරු පාකිස්තානයේ ඉතා දුෂ්කර, කඳුකර නිම්නයක වෙසෙන ඔවුන් තිදෙනා කතාකරන්නේ බදේෂි භාෂාවය.

මීට කලෙකට ඉහතදී බදේෂි භාෂාව කතාකරන පවුල් 10ක් පමණ මේ ගම්මානයේ වාසය කළ නමුත් ගම්වාසී පුරුෂයන් ඊට වඩා බලවත් වෙනත් භාෂා කතාකරන පිරිස සමග විවාපත්වීම හේතුවෙන් දැන් ඒ භාෂාව අභාවයට යමින් පවතී.

ගම්වාසී පුරුෂයන් සිය මනමාලියන් ගමට කැන්දා ඒමත් සමග ඔවුන්ගේ දරුවන් සිය මවුවරුන්ගේ භාෂාව කතාකිරීමට හුරු වූ බව බදේෂි භාෂාව කතාකරන සෙඩ් ගුල් පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ගමේ පමණක් නොව ලොව පුරාම එම භාෂාව දන්නේ පුරුෂයන් තිදෙනෙකු පමණි.

Facebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීමේ අවසානය
රෙහිම් ගුල් සහ අලි ශේර් භාෂාව කතාකරන අනෙක් පුරුෂයන් දෙදෙනාය. ඔවුන් තිදෙනා මියගිය විට බදේෂි භාෂාවත් මියයනු ඇතැයි බිය පළවෙමින් පවතී.

මේ අතර එක් පුද්ගලයෙකු පමණක් කතාකරන භාෂාවක් පිළිබඳව නේපාලයෙන් ද වාර්තාවේ.

(බදේෂි භාෂාවේ වචන කිහිපයක් ඉගෙනීමට කැමති නම් ඉහත වීඩියෝ පටයට සවන්දෙන්න.)