Language Switcher

V2025

සුදු කරපටි අපරාධ මතින් විනාශවන රටේ ජීවනාලිය වන් දරු සම්පත

හැත්තෑ දෙවසරක් (72) තට්ටු මාරු ක්‍රමයට බලහුවමාරුවට කත් අදින ලද වර්තමානයේ මිලියන විසිදෙකකට අධික එනම් දෙකෝටි විසිලක්ෂයෙන් වැඩිහිටි පරපුර රටේ වර්ථමාන අභාග්‍යසම්පන්න ජාතික අපරාධයයන්ට ඍජුව වගකිව යුතුව ඇත.

දේශපාලණික සබුද්ධික බවකින් තොරව තම සර්වජන ජන්ද  අයිතිය තම ජීවිත අපාගතකරමින් වෙන්දේසියේ විකිණීමට බන්දේසියේ තබා දේශාපාලකයාට උක්ස් කරන ලොව එකම රට ආසියාවේ ආශ්චර්‍යමත් දූපත් රාජ්‍යවන  ශ්‍රී ලංකාවයි.

 225+1ක් බදු ගෙවමින් නඩත්තු කර මූලික මානව අයිතීන් හෝ භුක්ති විඳිය නොහැකි අවසනාවන්ත බව !

කුසගිණි පිණිස තුන්වේලෙන් එක වේලක් හෝ සරිකර ගැනීමට බැරිතරමටම ආර්ථික අහේනිය හා වත්කම් සමානව බෙදී නොයාමේ අර්බුද මධ්‍යයේ පාන්   රාත්තලක් මිළට ගැනීමේදී එයටත් රුපියල් 20ක පමණ බදු ගෙවන අසරණ ජනයා එකී බදු මුදල ගෙවන අල්ලපනල්ලේ ආනයනික භාණ්ඩවලින්ද දේශපාලකයා හා ගජමිතුරන් ගසාකන බව නොදනේය.

උක්ත වීඩියෝවේ කුඩා දරුවා අති සංවේදී පැනයක් දේශපාලණික අධිකාරිය ඉදිරියේ අසනවිට හෘදය සාක්ෂියක් සහිත මානවීය ගුණයන්ගෙන් අඹමල් රේණුවක හෝ සංවේදී බවක් දැනෙනා හැඟෙනා පිරිස් වේනම් ඔවුන් වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටියද නිරුවත් වනු නියතය.

ලොව හොඳම දේ දරුවන්ට : කෙතරම් දුරට අපේ මහපොලවේ සත්‍යක්ද? අදාල වීඩියෝවේ දරුවා මේ සමාජයට කිසිඳු වරදක් කර නොමැත….

ඔහු මේ රාජ්‍ය ධනයෙන් තඹ දොයිතුවක් අවභාවිතා කොට නොමැත…             

ලෝකය හා සසඳන කල අපේ රටේ දරුවන්ට අත්විඳීමට ඇත්තේ අතිශය කුරිරු සමාජයේ නොපනත්කම් ය. අපේ රටේ පාසල් පද්ධතිය තුල පානීය ජලය, වැසිකිලි හා කැසිකිළි පහසුකම් නොමැති මුළු පාසල් ගණන එකදහස් පන්සියක් 1500 පමණය. මූලික සනීපාරක්ෂාව හෝ නොමැතිව අනාගතයේ මෞත්‍ර ලිංගික හා මානසික සෞඛ්‍ය පිරිහුන දරුපර පුරට වගකිව යුත්තෝ කවරුන්ද? අධ්‍යාපනය තුල සමාන භෞතික පහසුකම් අහිමි දරුවන් හට ප්‍රමාණාත්මක ගුරුවරුන් හෝ නොමැති වීම තුල ඇතිවන විෂමතාවට වගකිව යුත්තෝ කවුරුන්ද?.

විශේෂ අවශ්‍යතා හිමි දරුවන් සාමාන්‍යය දරුවන් සේම සමාගත නොවීමට ඒ වෙනුවෙන් ලෝකයේ එකී දරුවන් වෙනුවෙන් නිර්දේශිත විදිමත් අධ්‍යාපනය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂාව ලභා නොදීමේ වගකීම හා වගකීම භාරගත යුත්තෝ කවුරුන්ද? මේ සියල්ලටම හේතුව පරිපූර්ණ විදිමත් අධ්‍යාපනයක් හා හෞතික සම්පත් දායකත්වයක් ස්ථාපිත කිරීමට රාජ්‍ය සතු නොහැකියාවය, එය එසේ වීමට ප්‍රධානතම හේතු සාධකය ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට හිමිවිය යුතු රාජ්‍ය බදු මුදල් අහිමිවීම හා ඒවා සුදුකරපටි අපරාධකරුවන් ගජමිතුරන් හා දූෂිත දේශපාලකයන් විසින් මංකොල්ලකෑම බව නොරහසකි…..

ආසන්නතම මහපරිමාණ බදු වංචා වලින් රටට අහිමිවූ රාජ්‍ය බදු මුදල් මෙවන් අසරණ දරුවන්ගේ සුභසාධනයට අනාගතයට ආයෝජනය කල හැකිව තිබුනා නොවේද?            

පසුගිය දිනක පාර්ලිමේන්තු ගැසට් පත්‍රයකින් පැවති ආනයනික සීනි කිලෝවකට පනවා තිබූ බදු මුදල වූ රුපියල් පනහක 50 බද්ද රුපියල් හතලිස් නවයයි ශත හැත්තෑපහකින් 49.75 අඩු කොට ගජමිතුරු කල්ලි පිනවීමට නිකුත් කල ගැසට් පත්‍රය ප්‍රකාරව රටට අහිමි වූ රාජ්‍ය බදු මුදලේ පංගුව රුපියල් බිලියන 12.5කට වැඩි විය එය මහබැංකු බැදුම්කර වංචාව අභිබවමින් මෑත ඉතිහාසයේ එක් රැයකින් අත්‍රික්‍රමණය කල බදු වංචාවකි…

එමෙන්ම ආනයනික පොල්තෙල් සඳහාද ඒසා විශාල රාජ්‍ය බදු මුදලක් රාජ්‍ය බාණ්ඩාගාරයට අහිමිකරමින් සුදුකරපටි ගජමිතුරු අපරාධකරුවන් විසින් ගිලගන්නේ ඔබේ දරුවාගේ දීප්තිමත් අනාගතය අඳුරු අගාදයේ ගිල්වා විනාශ කරමිනි.              

තවද තම සර්වජන චන්ද බලයෙන් දේශපාලන මහ පුටුවල හිඳුවනා කිසිඳු පුද්ගයකුගේ දරුවන් හට ඔබේ දරුවාට මුහුණ දීමට ඇති භයානක ඉරණම හෝ ප්‍රශ්න ගැටළු වලට මුහුණ පා නැත….

එසේම ඔබේ බදුමුදලින් ඉතා සැපවත් ජීවිත ගතකරන ඔවුන් කිසිදා මෙවන් අසරණ දරුවන්ට මිහිකතේ අසිරිය විඳීමට කිසිදා ඇසක් ලභාදීමට එකී ඔබේ බදුමුදලින් හෝ කොටසක් වෙන්කරන්නේද නැත…..

තවදුරටත් ඔබේ දරුවගේත්, සමාජයේ මෙවන් අසරණ දරුවන්ගේත් අවිහිංසක හීන හා අනාගතය විනාශ කරනවාද නැද්ද යන්න තීරණය ඔබ සතුවනු ඇත….                     

රටේ ජීවනාලිය වන් අනාගත දරුපරපුරේ හෙට දිනය ඔබේ දෑත් මතම රඳපවතින බව ඔබම වටහා ගන්නා තුරු අරුනලු දකින හෙට දිනය සැබෑ නොවන සිහිනයක්ම පමණි…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය