සන්තෝෂ් ආනන්ද්ලාගේ සතුට : කෝ අපිට ? ( වීඩියෝ )

සන්තෝෂ් ආනන්ද්ලාගේ සතුට : කෝ අපිට ? ( වීඩියෝ )

ඉන්දියානු සංගීතයේ පන්හිදෙන් මුලුමහත් ඉන්ඳියාවම මෙන්ම, විශ්වීය භාෂාවවන සංගීතයට ඇලුම් කළ සමස්ත ලෝ වැසියන්ට පරිකල්පනය,නිර්මාණශීලීත්වය හරහා අර්ථවත්, ආදරණීය හා ලයාන්විත නිරිමාණයන් දායාද කරමින් රසික හදවත් තුළ අභ්‍යන්තරයට කිඳාබසින ලද ' සන්තෝෂ් අනන්ද් නම් ඒ අපූරු මානවයාගේ උපත 1939 මාර්තු 5දින සනිටුනහන් වෙද්දී, ගේය පද රචකයෙක් ලෙස ඔහු 1975 සහ 1983 දී දෙවරක්ම හොඳම ගීත රචකයා සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගෙන ඔහු 2016 දී "යෂ්" භාරතීය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සන්තෝෂ් ආනන්ද් උපත ලැබුවේ සිකන්ද්‍රාබාද් දිස්ත්‍රික්කයේ බුලන්ද්ෂහර් නගරයේ ය.

යමෙක් ඇගයීමකට ලක් කරන්නේ නම් ඊට සුදුසුම කාළය කිමෙක්ද.?

අපට ජාන වලින් නොඑසේනම් සංස්කෘතිකව ලුහුබැඳමින් පසුපස එන කුහකත්වය නිසාම දෝ මග හැරෙන බොහෝ වටිනාකම් අනන්ත වන්නේය.

යමෙකුගේ ගුණයක්,හැකියාවක් දුටුවිට එය හදවතින්ම ඇගයීමට මැලි ජාතියක් බව ඕනෑවට වඩා අප භාවිතයෙන් ඔප්පු කොට හමාරය.

පහත මෙම වීඩොයෝව නරඹන ඔබ ඔබේ ජීවිතයේ අගයකිරීමට කොන්දේසි විරහිතව ආදරය ගෞරවය දැක්වීමට යුතුව තිබූ කොපමණ පිරිසක් මගහැරගෙන ජීවන දිවි සැරිය නිමාකළ පසු ගුණ වයන්නට කම්පා වෙන්න ඇතද?

ඉන්දියාවෙන් හෝ උගනිමු. නොමපාව පිදිය යුත්තන් පුදමු..! ආදරණීයව ගෞරවය දෙමු.!!

සැබවින්ම වසර 100ක් 200ක් ජීවත් නොවන අප, විකුම් පාන මේ කෙටි රඟ මඬලේ අවංකව සද්භාවයෙන් ගතකරන හැම තත්පරයක්ම අවබෝධයෙන් ගතකරන්නට අධිෂ්ඨාන කරගත යුතු කාළය එලැඹ ඇත. එමෙන්ම හිතට එකඟව තමාට වඩා යම් ක්‍රියාවකින් හැකියාවකින් සන්නද්ධ චරිත වෙනුවෙන් ඔවුන් අප හැරගිය පසු  ප්‍රසස්‍ති ගයනවාට වඩා, ඔවුන්ගේ ඒ සුවිශේෂී දක්ෂතාවට නිර්මාණශීලීත්වයට, ඔවුන් ජීවත්ව සිටියදී හඳවතින්ම අවංකවම සුභ පැතීම ඇගයීමට ලක් කිරීම අනගිභවනීය සම්මාන රාශියකින් ලබන්නට නොහැකි තෘප්තියක් ගෙන එනවාට කිසිඳු සැකයක් නැත.

සමාජයට සමුදෙමින් දිවි සැරිය නිමාකළ පසු කොතෙක් සම්මාන ප්‍රසස්‍ති ගායනා කළද දුක් සෝසුසුම් හෙලුවද පලක් නැත.

ආසන්නතම උදාහරණය නම් සැබෑ යතාර්ථවාදී කකලාකරුවකු වූ ජිප්සීස් සුනිල් පෙරේරාය. එසේම සැබෑ දේශප්‍රේමියකු වූ මංගල සමරවීරලාය.

පමා නොවී මේ ජීවන රඟ මඬලේ අනිත්‍ය හා එලැබෙන නිමේෂයේ ඕනෑම දෙයක් සිදුවිය හැකි බව පසක් කරගනිමින් සැබෑ මානව වාදීන් සැබෑ දේශප්‍රේමීන් ලෙස අවබෝධයෙන් නිසි තැන නිසි ලෙස අගය කළ යුත්තන් අගයන්නත් පිදිය යුත්තන් පුදන්නත් හුරුවෙමු.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ

ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න