" #shameonthissakutti
-
රෝහිණී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉලක්ක කර ආණ්ඩුවේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළේ, ද්වේශ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් බව පැහැදිලි ය.
-
න ණ ල ළ ඉස්පිලි හෝ ව්‍යංගාර්ථ කියා ඒවා අනුමත කරන්න කිසිසේත් ශිෂ්ට සම්පන්න රටක පුරවැසියකුට නොහැකිය.
-
එබැවින් අපවැනි පසුගාමී සමාජ වල තිස්ස කුට්ටිආරච්චි ලා බය නැතුව සිය අශිෂ්ටත්වය පෙන්නුම් කරයි.
-
වම්බටු කතා ඔය පාර්ලිමේන්තුවේදී ඇහුනේ පළමු වතාවට නොවේය. මෑත ඉතිහාසයේ , මතකය නිවැරදි නම් තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය ඉලක්ක කර , මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුව තුළ "වම්බටු" මතක් කරගෙන තිබිණ.
-
ටයිකෝට් ඇන්දට, vip වුණාට මේ අය මහත්වරුන් නොවන බවට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත. මහත්මයෙක් නොවන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එසේ අපහාස කළේ සිය කතාවේදී නොව , සභාවේ බාධා කෙරුණු අවස්ථාවකය.
-
ඊට පස්සේ ඒ ගැන මොකද වුණේ කියා පැහැදිලි කිරීම දන්නා අයගේ වගකීමය. එදා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගනුලැබූ තීන්දු තීරණ මොනවාද ?
-
කෙසේ වුවත් , තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ට වඩා මේ වැඩෙන් ඉදිරියට ගොස් ඇති බව පසුගියදා තහවුරු විය. ඒ ඔහු සිය කතාවේදී ම වම්බටු වලට තවත් කළමනා එකතු කරමිනි.
-
මේ දේවල් මෙසේ සිදුවන්නේ රටේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය තුළය. මේ දේවල් සිදුකරන්නේ මහජන නියෝජිතයන් ය.
-
ඔවුන් මහජන නියෝජිතයන් නිසාම මහජනතාවගේ පිළිකුල තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වෙත යොමුකළ යුතු අතර යළිත් මන්ත්‍රීවරයකු කාන්තාවකට අපහාස , අවමන් කිරීමට පෙර දෙවරක් හිතන තැනට සමාජය පත්කර ගත යුතු නොවේද ?
-
ශිරාණි බණ්ඩාරනායක සිදුවීමේ සිට තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය දක්වාත් දැන් රෝහිණී කවිරත්න වෙතත් නිදහසේ ගලන මේ හිංසනය තවත් පෙරට යාම වැලැක්විය යුතු නොවේද ?
-
ඒ වෙනුවෙන් එක් පියවරක් ලෙස "තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමස්ථ කාන්තා ප්‍රජාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට" බලකළ යුතු නැද්ද ?
-
යුගයේ අවාසනාව කියාපාන්නේ නරක මිනිසුන්ගේ නරක වැඩ පමණක් නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවද විසිනි.
-
"මන්ත්‍රී තිස්ස කුට්ටි සමස්ත කාන්තා ප්‍රජාවෙන් සමාව ඉල්ලනු !"
#කළුආවෙමසුදුඇඳගෙන
සංජය ලියනගේ තැබූ ෆේස්බුක් සටහනකි.