Language Switcher

V2025

සතුන්ටත් නිගාදෙන තිස්ස කුට්ටි හැසිරීම !

අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ට මෙන් ම පිටස්තර පාර්ශවයන් ට අපහාස වන අන්දමින් සිදුකළ කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වෙත අද (23) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා දැනුම් දුන්නේය.

පසුගිය දිනක පාර්ලිමේන්තු අයවැය විවාදය අතර තුර ස.බ.ජ. පාර්ලිමේන්තු මංත්‍රිනී රෝහිනී කවිරත්න විසින් පවතින ආර්තික අපහසුතා පිළිබඳ සිදුකළ කතාවට පිලිතුරු ලෙස පොහොට්ටු මංත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි විසින් ඉතා ආවේගාත්මකව පහත් ලෙස තම පිළිතුරු කතාවේදී වාචිකව ලිංගික හිංසනයක් සිදුකළ බැවින් එය වහාම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ස.බ.ජ. පාර්ලිමේන්තු මංත්‍රී නලින් බණ්ඩාර විසින් කතානායක අසුනේ මූලාසනාරූඩ මංත්‍රී පොහොට්ටු පක්ෂයේ අජිත් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළද තමන්ට එවන් අපහාසාත්මක කිසිවක් ඇසුනේ නැතයි කියමින් එය එකී ඉල්ලීම නිශ්ප්‍රභා කෙරිණ.
 
නමුත් අද පාර්ලිමේන්තුවේදී මූලාසනයේ හිටපු මන්ත්‍රී අජිත් රාජපක්ෂ තමන්ට ඇහුණේ නෑ කියමින් නිදහසට කරුණු කියනු දකින්නට ලැබිණ.
 
කුක්කුර ජාතකයේ බල්ලාට සමකිරීම බල්ලාට කරන අවනම්බුවක් !
 
 කාන්තා ආරක්ෂාව වෙනුවෙන් කාන්තා සුභ සිද්දිය වෙනුවෙන් නීති අණපනත් සම්පාදනය කළයුතු උත්තරීතර ආයතනය තුළදී මෙසේ කාන්තාවන්හට පහත් ආකාරයේ ව්‍යංගාර්ථ වචන භාවිතා කරමින් ලිංගික හිංසනයට පත්කිරීම ඉතා සෝචනීය පහත් තත්වයක් බවත් එසේ වාර්තා වූ ප්‍රතම අවස්ථාවද මෙය නොවන බවත් සමාජ මාධ්‍ය පුරා සමාජ මාධ්‍ය  ක්‍රියාකාරීන්,සිවිල් සංවිධාන,දේශපාලන විචාරකයින් හා විවිධ පිරිස් වල දැඩි පිළිකුලට හා චෝදනාවට තිස්ස කුට්ටිආරච්චි පත්ව ඇති අතර මීට ප්‍රතම අවස්තාවකද පාර්ලිමේන්තු මංත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ස.බ.ජ මංත්‍රිනී තලතා අතුකෝරල හටද "වම්බොටු" කතාවක් කියමින් අහපසුතාවයට පත්කරන ලදී.
 
තවද දැඩි පිළිකුලෙන් යුතුව සමාජ මාධ්‍ය හරහා දෝෂදර්ශනයට ලක්වෙමින් සිටින තිස්ස කුට්ටිආරච්චි කුක්කුර ජාතකයේ බල්ලාට සම කිරීම බල්ලන්ට සිදුකරන අපහාසයක් බව සමාජ මාධ්‍ය වල සඳහන් විය.
 
IMG 20211123 WA0025

IMG 20211123 WA0024

 
කතානායකට ලිඛිතව දැනුම් දෙයි.. විනයගරුකව ප්‍රජාවන් කුට්ටිආරච්චි ගැන සීරුවෙන්……..!
 
        තවද ස.බ.ජ මංත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද පාර්ලිමේන්තුවේදී කතානායක වරයාට සැලකර සිටියේ මංත්‍රී කුට්ටිආරච්චි විසින් එකී ද්වේෂසහගත වාචික ලිංගික අපහරණය සිදුකරන විට මූලාසනයේ සිටි අජිත් රාජපක්ෂ මංත්‍රී වරයා ඔහුට කිසිවක් නෑසුන බව ප්‍රකාශ කරමින් තම පක්ෂයේ පසුපෙල මංත්‍රීවරයාට පක්ෂව සහයෝගයෙන් ක්‍රියා කළ හෙයින් තවදුරටත් ඔහු කතානායක අසුනේ වාඩිවී ක්‍රියා කිරීමට නොසුදුසු බවයි.
 
එමෙන්ම රෝහිණී කවිරත්න මංත්‍රීවරිය විසින් කතානායකවරයාට නිල වශයෙන් ලිඛිතව දන්වා සිටිමින් කියා සිටියේ පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් භාෂාව යොදාගෙන සිදුකළ ලිංගික අපහරණය දැඩි පිළිකුලෙන් හෙලාදකින බවත්, එසේ නීති සම්පාදනය කරන ආයතනය තුළම කාන්තාවන්ට මෙසේ ලිංගික අපහාස සිදුකිරීම මගින් සමස්ත කාන්තා පාර්ශවයම අගතියට පත්වන අතර උත්තරීතර ආයතන කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය කෙලෙසෙන බැවින් වහාම ඔහුට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
 
එමෙන්ම සිංහල ඩයස්පෝරාව නියෝජනය කරමින් සිවිල් ක්‍රියාධරයින් පවා කුට්ටිආරච්චිගේ පහත් අශෝබන හැසිරීම විවෙචනයට ලක්කොට ඇති අතර පාර්ලිමේන්තුව තුළ ඔහුගේ පහත් ක්‍රියව සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැන ඔවුන් විමසිල්ලෙන් පසුවන බවත් වැඩිදුරටත් අවදාරණය කර සිටී……
 
යුරෝපා පාර්ලිමේන්තුවක හො යුරෝපීය සමාජයේ මෙවැන්නක් සිදුවූයේ නම් කුමක් වෙයිද?
 
 යුරෝපීය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මෙවන් අශෝබන පහත් ක්‍රියාවක් සිදුවූයේ නම් වහාම ඔහුට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක වනු ඇත. මක්නිසාදයත් යුරෝපය ඇතුලු බොහෝ දියුණු රටවල කාන්තාවන්ට නිසි ගෞරවය ලභාදෙමින් ඔවුන්ගේ ආරක්ෂාව වඩාත් තීවෘ කොට ඇති නිසාවෙනි.
 
තවද යුරෝපීය සමාජය තුළ පාර්ලිමේන්තුව තුළ නොව ඉන් පිටතදී හෝ මෙවන් සන්දර්භයකට යම් කාන්තාවක් මුහුණ පෑවේනම් නීතිය තදින් ක්‍රියාත්මක වීමටත් ප්‍රථම අසල වටපිටාවේ සිටින පිරිස් විසින් වහාම ඔහුව වචික පහසුතාවයට පත්කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලභාදෙමින් සිද්දියට මුහුණ දුන් කාන්තාව එක්ව සැනසීමට ලක්කරනු ඇත.
 
අවාසනාවකට මංත්‍රී තිස්ස කුට්ටිආරච්චි පහත් අසෝබන ලෙස හැසිරෙන විට තනි සිංහල බෞද්ධ ආන්ඩුවේ ආණ්ඩුපක්ෂ මංත්‍රීන් කිසිවෙක් ඔහුව වැලැක්වීමට හෝ ඔහුගේ පහත් අසෝබන කිසිසේත්ම කාන්තාවකට නුසුදුසු ජඩ ප්‍රකාශය හෙලාදැකීමක් හෝ සිදුව නැත…
 
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.