Language Switcher

V2025

ආසියාවේ විශාලතම රතු එළි කලාපය : දේදුනු පින්සලෙන් හැඩවෙයි

සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්ඩායමක් නැගෙනහිර ඉන්දියාවේ 'කොල්කටා' නගරයේ සොනගාචි (Sonagachi )'රතු එළි කලාප' වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

අරවානි චිත්‍ර ව්‍යාපෘතිය

0001

0002 1

අරවානි චිත්‍ර ව්‍යාපෘතිය 'The Aravani Art Project' විසින් මෙම කටයුත්ත සිදුකරන අතර එහි මුලිකත්වය ගෙන සිටින්නේ පූර්ණිමා සුකුමාර් "Poornima Sukumar' ය.

අරවානි චිත්‍ර ව්‍යාපෘතිය දියත්ව තිබෙන්නේ කලා අවකාශයක් නිර්මාණය කිරීම හරහා සංක්‍රාන්ති ලිංගිකයන් වෙනත් ජන කොට්ඨාස හා සංස්කෘතීන්ට සම්බන්ධ කරවීමේ අපේක්ෂාවෙන් යුතුවය.

'කොල්කටා' නගරයේ 'සොනගාචි' (Sonagachi )'රතු එලි කලාපය ආසියාවේ විශාලතම රතු එළි කලාපය ලෙස සැලකෙන අතර එහි ලිංගික ශ්‍රමිකයන් එකොළොස් දහසක් පමණ ලිංගික සේවා සපයමින් සිටින බව පැවසේ.

003

චිත්‍රය සමාජයට පණිවිඩයක් යැවීමේ මාධ්‍යක් ලෙස

ව්‍යාපෘතියේ නිරතව සිටින සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්ඩායම විසින් සොනගාචි රතු එළි කලාපයේ ඇතැම් ගොඩනැගිලි සිතුවමින් සරසා තිබෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ මාධ්‍යයක් වශයෙනි.

එසේම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වී ඇත්තේ කාන්තාවන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රචණ්ඩ ප්‍රහාරවලින් ඔවුන් බේරා ගැනීමය.

මෙම ප්‍රදේශය ඉන්දියාවේ පැරණිතම සහ ආසියාවේ විශාලතම රතු එළි කළාපය ලෙස සැලකුනත් එහි ඇති බොහෝ ගණිකා නිවාස පවතින්නේ ගරා වැටුන තත්ත්වයකය. නමුත් එම ප්‍රදේශයේ ගොඩනැගිළි වර්ණ ගැන්වීමෙන් පසුව එම තත්ත්වය වෙනස්වී ඇත.

004

සමාජ සම්මතයන්ට අභියෝග කිරීමක්

මේ සම්බන්ධව අදහස් දක්වන පූර්ණිමා සුකුමාර් සඳහන් කර සිටින්නේ, තමන්ගේ අපේක්ෂාව බොහෝ විට ප්‍රචණ්ඩත්වයට සහ වෙනස්කම් වලට ලක්වන ප්‍රජාව සමඟ තවත් වෙනස්කම් සහ ප්‍රචණ්ඩත්වයට ලක්වන ප්‍රජාවකගේ ජීවිත ආලෝකමත් කරමින් පවතින සම්ප්‍රදායට අභියෝග කිරීම බවය.

එසේම අරවානි චිත්‍ර ව්‍යාපෘතිය හරහා මේ වන විට ව්‍යාපෘති රාශියක් සාර්ථකව දියත්කර තිබෙන බවත් එහිදී කොල්කටා මෙන්ම මුම්බායි, පූනේ ඇතුළු මුඩුක්කු වීදිවල සිටින ලිංගික ශ්‍රමිකයන්ගේ වාසස්ථාන කලාවෙන් අලංකාර ස්ථාන බවට පත්කරලන්නට කටයුතු කර ඇති බවද ඇය සඳහන් කරයි.

005

සිතුවම් වන්නේ සියළු දෙනාගේම ජීවිත කතාව

"මේ සිතුවම් වන්නේ ඔවුන් අපි සියළු දෙනාගේම ජීවිත කතාව. ඒ වගේම මේ ප්‍රදේශවලට එන අයටත්, විශේෂයෙන්ම ගැනුම්කරුවන්ට මේ ජීවිත කතාව නිතර ඇස ගැටෙන්න සැලස්සවිය යුතුයි. ජීවිත කතාව බෙදාහදා ගැනීම, අභියෝග ඉදිරිපත් කිරීම තුළ අපට පුළුවන් අවශ්‍ය පණිවිඩය සමාජ ගත කරන්න" පුර්ණිමා සඳහන් කරයි.

"මම 2014 දී නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කරමින්, ප්‍රවෘත්ති සම්පාදනයට යොමුවෙලා ලිංගික සංක්‍රාන්තිකයින් සම්බන්ධව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. එතනදී තමයි මගේ ජීවිතය වෙනස් වුණේ. චිත්‍රපටය සඳහා වසර කිහිපයක් වැය කළා. ඒ කාලය තුළ මම ඒ නිර්භීත මිනිස්සු සමඟ ගැඹුරු මිත්‍රත්වයක් ඇතිකර ගත්තා. ඔවුන් දිනපතා ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයන්ට මුහුන දෙන්නේ කෙසේ දැ යි ඔවුන් සිතන්නේ කෙසේ ද ඔවුන්ගේ පැවැත්මේ ධනාත්මක දර්ශනය වැනි කාරනා මං අවබෝධ කරගත්තා. ඇත්තටම ඔවුන්ගේ ඒ කාරනා සම්බන්ධව මහා සමාජය අන්ධයි. ඒ අවබෝධය තමයි ඔවුන් වෙනුවෙන් නිර්භීත ලෙස පෙනී සිටීමට මා පෙලඹවූයේ" ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

006

26868616 1616167018474127 5778605611725881344 n

28152583 183030245807215 194991034202062848 n