රංජන්ට ගල් ගසන දාර්ශනිකයනි ගැලීලියෝ අමතකද?

රංජන්ට ගල් ගසන දාර්ශනිකයනි ගැලීලියෝ අමතකද?

පෘථිවිය වටා සූර්‍යා ගමන් කරන බවට පැවති පල්ලියේ අදහසට ප්‍රතිපක්ෂව, සූර්‍යා වටා පෘථිවිය ගමන් කරන බව පැවසීම නිසා ගැලීලියෝට අධර්ම මර්ධනාධිකරණය මරණ දඩුවම හෝ තමා විසින් ප්‍රකාශය සත්‍යය අසත්‍යයක් ලෙස ප්‍රකාශ කර දිවි ගලවා ගන්නා ලෙස බලකලා,

සොක්‍රටීස් මෙන් වස පානය කර සත්‍ය වෙනුවෙන් මරණය තෝරා ගැනීම හෝ බෲනෝ මෙන් දිව අහිමි කරගෙන ගොලුවෙකු වීම,ලිචීලියෝ මෙන් ගිනි මැලයක පිලිස්සීයාම වෙනුවට
ගැලීලියෝ අල්තාරය ඉදිරියට ගියා
සමාව ගත්තා

" සූර්‍යා පෘථිවිය වටා ගමන් කරන බවට මා දෙවියන් ඉදිරියේ සපථ කරමි.
එහෙත් මගේ වචන අනූව සූර්‍යා හෝ පෘථිවිය චලනය නොවනු ඇත. ඒවා සුපුරුදු ලෙස චලනය වනු ඇත. "

සමාව ගත් නිසා ගැලීලියෝ ඉතිහාසය තුල ද්‍රෝහියෙකු වූයේ නැත.
එසේම මෝඩයෙකුද , තිරිසන් ලෙස නිර්භීතබව ප්‍රදර්ශනය කරන වැඩවසම් වීරයෙකුද නොව
නූතනත්වයේ මිනිසෙකු විය . වීරයෙකු විය

මට රංජන් වීරයෙකු නොවේ..
මජර යුගයක , මෝඩ ලෙස වීරත්වයපෑමේ සහ ලාභ ලෙස ජනප්‍රියත්වය සොයා යෑමේ ගොදුරක් පමණි. ඒ ගැන ඇත්තේ අනුකම්පාවකි.

"ධර්මය ඔහුට මග කියා දෙනු මැන."

එහෙත් රංජන්ගේ සමාව ඉල්ලීමට ගල් ගසන දාර්ශනිකයන්, වීරයන් නම් මට අමුම අමු තක්කඩීන්‍ ය.

ඒ තක්කඩින් ද මාගේ මිතුරන් වන බැවින්

"ඔවුන්ගේ ද ආත්මයට සැනසීම ලබාදෙනු මැනවි"

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න