අමෙරිකාවේ Intuitive machines සඳ මතුපිටට සාර්ථකව යානයක් ගොඩ බස්වයි

අමෙරිකාවේ Intuitive machines සඳ මතුපිටට සාර්ථකව යානයක් ගොඩ බස්වයි

අමෙරිකාවේ Intuitive machines සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.

ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.

අමෙරිකානු යානයක්, සඳට මතට ගමන් කළේ වසර 58 කට පසු පළමු වරටයි.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අදාළ යානය රැගත් ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණේ පසුගිය 15 වැනිදා ය.

මිනිසුන් රහිත එම යානය යොමු කර ඇත්තේ, සඳ මතුපිට අධ්‍යයනය කිරීමේ අරමුණින් ය.

රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ 6 ක් ඉන් රැගෙන ගිය බව, නාසා ආයතනය නිවේදනය කළේ ය.

අමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125 ක් ද, ඔඩිසියස් යානය සඳ මතට රැගෙන ගියේ ය.

ඒ අනූව ඒවා සඳ මතට රැගෙන ගිය පළමු කලා කෘති ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

නාසා ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කළේ අඩ සියවසකට වැඩි කාලයක් සාර්ථක සඳ මෙහෙයුමක් දියත් නොකළ නාසා ආයතනයට සහ අමෙරිකානුවන්ට අද ඓතිහාසික දිනයක් බවයි.

Newsfirst.lk

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න