Language Switcher

V2025

අභීත සාහිත්‍යකාරයකු ගේ නික්මන : ෆිලිප් රෝත්

විසිවන සියවසේ ශ්‍රේෂ්ඨතම හා නිර්භීත ම නවකතාවරුවකු ලෙස අවිවාදිතව සැලකුණු ඇමරිකානු ලේඛක Philip Roth ඊයේ (22 අඟහරුවාදා) රාත්‍රියේ, දශක හයක් පුරා දිගහැරුණු සිය අභීත සාහිත සැරිසර නිමාකළ බව අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

අතිශය සංකීර්ණ තත්කාලීන ඇමරිකානු දේශපාලනයේ නිර්දය වංශකතාකරුවෙක් ද, යුදෙව් භාවයේ හා පුරුෂ ආශාවේ තියුණු ගවේශකයෙක් ද වූ රෝත් තමන්ගේ ම ජීවිතයේ පරස්පර විරෝධීතාවන් ඔස්සේ මුළුමහත් ඇමරිකාවත්, එහි ආත්මයත් ගවේශනය කිරීමෙහි ලා අද්විතීය නිර්මාණ ශක්තියක් ද විස්මිත නිර්භීත භාවයක් ද පලකළේ ය.

1959 පළවූ, ඇමරිකානු National Book Award for Fiction සම්මානය දිනූ Goodbye Columbus නම් සිය ප්‍රථම කෙටිකතා එකතුවෙන් ඇමරිකානු සාහිත්‍යය තුළ තම අනන්‍යතා සලකුණ තැබූ රෝත් ගේ කෘති අතර American Pastoral, Portnoy's Complaint, I Married a Communist, The Human Stain, The Dying Animal, The Plot Against America ඇතුළු පාඨක විචාරක අවධානය ඇදගත් රචනා රැසකි. Nathan Zuckerman යනු ඔහු ගේ නවකතා රැසක ම ආ, ඔහු අතින් නිමැවුණු සුප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිතයකි.

The Pulitzer, National Book Awards, National Book Critics Circle, PEN/Faulkner Award හා Franz Kafka Prize ඇතුළු සම්මාන රැසකින් ඔහු ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීමට ලක්විය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර රෝහලක දී 23 වැනි දා, අඟහරුවාදා මියයන විට රෝත් 85 වැනි වියේ පසුවූයේ ය.


සනත් බාලසූරිය