"ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි" (Dingiri Dingale Meenakshi) කියන දෙමළ ගීතය මුලින්ම ආවේ 1958 අවුරුද්දේ තිරගත වුණ "Anbu Engey" කියන දෙමළ චිත්‍රපටියෙන්. එහි තනුව හැදුවේ එස්. එස්. වේදා (S.S. Vedha) සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු ලංකාවේ බයිලා සංගීතයට හරිම ආදරේ කරපු කෙනෙක් නිසයි මේ ගීතයට බයිලා රිද්මයක් ලැබුණේ.
මේ තනුවට ලංකාවේ හැදුණු පරණම සිංහල ගීතයේ පද පේළිය පටන් ගන්නේ "හරිම වැඩක් නේද මචං, හරිම වැඩක් නේ" කියලා. ඒ පරණ සින්දුවේ පද මාලාව මෙන්න මේ වගෙයි.
ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි - ඩිංගිරි ඩිංගාලේ
උලගම් පෝර පෝක්ක පාරු - තංගමේ තිල්ලාලේ...
මේ ගීතයේ තවත් ප්‍රසිද්ධ සංස්කරණයක් එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ එම්.එස්. ප්‍රනාන්දු යන ශිල්පීන් "පිස්සු විකාරේ.. දාගෙන පොල්කටු මාලේ" කියන පද මාලාවෙන් ගායනා කළා.
මේ ඉන්දියාවේ දකුණු ආසියානු සංධ්වනි වාද්‍ය වෘන්දය (South Asian Symphony Orchestra) විසින් මෑතක දී සිදුකළ පටිගත කිරීමක්. මේ වාද්‍ය වෘන්දය මෙහෙයවන්නේ ඇල්වින් අරුමුගම් Alvin Arumugam
විෂ්ණු වාසු
Vishnu Vàsu

