අසනු මා වෙණ නද
ප්‍රකම්පිත වෙණ නද
අසනු මිනිසුනි මහද රිද්මය
සුවහසක් දනන්ගේ
සුසුම් රිද්මය මුසුව
කඳුළු වියැළුණු
කෝටි ප්‍රකෝටියක්
නෙත් කෙවෙනි අග
රැඳුණු
නිවුණු ලෝකයක පැතුම් සුවහසක්
ඔබට ඇසුණා ද
මා වෙණ නදට මුසුවූ
කුරවි කෙවිල්ලනි
වන සිවුපාවුනි
නිහඬව නොසිටිව්
ගයව් හඬ නගා
කියමු අපි එක්ව
උන්ට අයිති නැති බව
අපේ ලෝකය
හෙට උපදින දරුවන්ගේ ලෝකය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
