Image

රතු කුරුල්ලා හිස් අතින් ආපසු පියඹා ගියේ ය

රතු කුරුල්ලා හිස් අතින් ආපසු පියඹා ගියේ ය

ඒ රතු අහිංසක කුරුල්ලා ඊයේ තවත් කුරුල්ලන් දෙදෙනෙකු සමඟ කිලිනොච්චියේ සිට කොළඹට පියඹා ආවේ අහස උසට බලාපොරොත්තු තියාගෙන ය.

අද ඔහු පියඹා ගියේ හිස් අතිනි. ඒ කුරුල්ලා රත්තිනපුරම් දිවි ගෙවන කවියෙක් සහ වඩාත් ප්‍රචලිත නවකතාකරුවකු වන Theepachelvan Piratheepan ය.

අනු මණ්ඩලයේ සංස්කෘතිකමය දුප්පත්කම

culture

මම ඇතුළු ඔහුට හිතවත් කිහිප දෙනකුගේ මතය වූයේ ඔහු සාහිත්‍ය අනු මණ්ඩලය ඉදිරියේ ප්‍රශ්න කිරීමට භාජනය නොවිය යුතු බවයි. ලේඛකයකුට තම පරිකල්පනයට ඇති අයිතියට අභියෝග කළ හැකි කිසිවෙකු නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අවශ්‍යතා යටතේ සදහන් කර ඇති නිසා ය. නමුත් ඔහු කියා සිටියේ සාරධර්මවලට අනුව ඔහු කොළඹ යා යුතු බවයි. ඔහු නොපැමිණියහොත් ලේඛකයා මග හැරියා යනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කීමට ඉඩ ඇති බව ඔහු අපට පැවසීය. ඔහු වාහනයට ඩීසල් ගහපු විදිහ, රාත්‍රී නවාතැනට මුදල් ගෙවපු විදිහ දන්නා කෙනෙකු හැටියට මට විශාල කලකිරීමක් ඇතිවිය. ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් ට වඩා ජාතික රාජ්‍ය සෑදීම ගැන පන්තිය පවත්වන්න ගියපු අනු මණ්ඩලයේ සංස්කෘතිකමය දුප්පත්කම සහ කුඩා බව බොහෝ දෙනා ඉදිරියේ ඔවුන් පෙන්වා දී හමාරය.

සමාවෙන්න මිත්‍රයා...

අපි බලය හමුවේ දෙබිඩි චරිත නිරූපණය නොකරන මිනිස්සු බව කිව යුතුමය. දමිළ භාෂාව අපේ රටේ රාජ්‍ය භාෂාවක් මිස විදේශීය භාෂාවක් නොවන බව පුටු රත් කරන මහතුන් දැනගත යුතුව ඇත. එමෙන්ම ඔහු ගේ පොත් එළිදැක්වීම සිදුකළේ රහසිගතව කුමන්ත්‍රණකාරී ලෙස නොව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ බවත් එහි පසුවදන සකස් කළේ ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කමිටුව භාරව ක්‍රියා කළ පේරාදෙණිය සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ලියනගේ අමරකීර්ති බවත් නැවත නැවතත් සිහිපත් කරමි.Liyanageමහාචාර්ය ලියනගේ අමරකීර්ති

ඔහු අපි ගැන කුමක් හිතනවද යන්න සිතීමටවත් මට අදහසක් නැත. භෞතික පාලම් ඉදිවන්නේ සිමෙන්ති වැලි සහ කොන්ක්‍රීට් ආධාරයෙන් වුවද උතුර සහ දකුණු අතර පාලම සකස් වන්නේ සාහිත්‍ය මූලික කරගෙන බව අඩුවෙන් පොත් කියවූ මහතුන්ට මතක් කර දිය යුතුය. ආදරය විශ්වාසය සහ පරිත්‍යාගය නොමැතිව බලහත්කාරයෙන් රාජ්‍යයන් නිර්මාණය කළ නොහැකි බව පන්ති පවත්වන්නට ගිය මහතුන්ට නැවත වරක් මතක් කර දීමට කැමැත්තෙමි. වචනයකින් හෝ උදව් කරපු හැමෝටම ස්තූතියි. සමාවෙන්න මිත්‍රයා මට ඔබ වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුණා ට.

ප් රසාද් තුසිතPrasad Thusitha

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න