බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලේඛන කලාවට පිවිසීමට අපේක්‍ෂිත නවක ලේඛක, ලේඛිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් යුතුව 2026 වර්ෂයේ දී ජාතික අත්පිටපත් තරගයක් සිංහල දෙමළ ඉංග්‍රීසි යන මාධ්‍යයෙන් සංවිධානය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ජාතික අත්පිටපත් තරගාවලිය වෙනුවෙන් 2022 වර්ෂයේ දී අවසන් වරට නිකුත් කරන ලද චක්‍රලේඛය මෙයින්අවලංගු වේ.
නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, යොවුන් නවකතා ආදී විෂයයන් යටතේ ඔබට අත්පිටපත් එවිය හැකි අතර, අයදුම්කරුවකුට එක් තරග අංශයකට හෝ සියලුම තරග අංශය සඳහා ඉදිරිපත් විය හැකි අතර එක් තරග ශීර්ෂයක් යටතේ ඉදිරිපත් කළ හැකි වන්නේ එක් නිර්මාණයක් පමණි.
ජාතික අත්පිටපත් තරගය සඳහා වලංගු තරග කොන්දේසි පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සදහා පහත දිගුවෙන් චක්‍රලේඛය බාගත කර ගත හැකිය.
නිවැරදිව සකස් කරන ලද ඔබගේ අයදුම්පත හා අත්පිටපත 2026.06.30 වෙනි දිනට පෙර සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (ප්‍රකාශන අංශය), 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ඉහත ලිපිනයට ගෙනැවිත් බාරදිය හැකි ය. අත් පිටපත බහා එවනු ලබන කවරේ ඉහළ කෙරවරයෙ “ජාතික අත්පිටපත් තරඟය 2026” යනුවෙන් සඳහන් කළ යුතුය.
චක්‍රලේඛය සහ අයදුම්පත බාගත කර ගැනීමට -
https://www.culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=272:2026-9&catid=13:news&Itemid=248&lang=si
දිගුවෙන් පිවිසෙන්න
මූලාශ්‍ර - Department Of Cultural Affairs
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
