අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජයවර්ධන ජනාධිපතිවරයා ගේ ආණ්ඩු ක්‍රම වස්ථාවට සංශෝධන ගෙන ඒම නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවට පොරොන්දු වූ නව ව්‍යවස්ථාව ගෙන ඒම යැයි සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (03) සජබ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව...
අධිකරණ අමාත්‍යවරයා ගේ ප්‍රායෝගික භාවිතාවේ තරම
''අගවිනිසුරු ධුර කාලය වැඩි කිරීමෙන් පමණක් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කර නොහැකි යි. ප්‍රාථමික නීති පද්ධතියේ පවතින අපරාධ නඩුවිධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් නඩුවිධාන සංග්‍රහය, සාක්ෂිය ආඥා පනත, ඇප පනත ආදිය කාලයට ගැළපෙන පරිදි වහා සංශෝධනය විය යුතු යි.
අධිකරණ ප්‍රමාණය වැඩි කර, නව විනිසුරුවන් පත් කරන වේගය කාර්යක්ෂම කර ප්‍රාථමික මට්ටමේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු යි. එසේම බන්ධනාගාර තදබදය අඩු කිරීම වෙනුවට පැලැස්තර විසඳුම් යෙදීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කිරීම ඔහු ගේ ප්‍රායෝගික භාවිතාවේ තරම පෙන්වනවා.
පුංචි තල්ලු කිරීමකින් පවා මහා කැරැල්ලක්
බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු විය යුතු යි. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ම තියෙන්නේ ගැටලු ගොඩක් උඩ. අපේ රටේ මුළු බන්ධනාගාර පද්ධතියේ ම ඉඩකඩ තියෙන්නේ රැඳවියන් 10,000කට විතරයි. හැබැයි මේ වෙනකොට ඒවා ඇතුළේ 39,000කට වඩා රඳවලා ඉන්නවා. නාන්න වතුර ටික නැතිව, නිදාගන්න ඉඩක් නැතිව, වැසිකිළි යන්න නැතුව, කන්න හරියට කෑම ටික නැතිව සිරකරුවන් ඉන්නකොට පුංචි තල්ලු කිරීමකින් පවා මහා කැරැල්ලක් නිර්මාණය වෙන්න පුළුවන්.
බන්ධනාගාරවල ඉන්න 39,000න් 28,000ක්ම (ඒ කියන්නේ 75%ක්ම) තවම නඩුවක් විභාග වෙලා වරදකරුවන් වුණු අය නෙවෙයි. ඒ අය නඩු ඉවර වෙනකම් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අය. 2023 අවුරුද්දේ විතරක් හිරේ ගිය අයගෙන් 67% ක්ම හිරේ ගියේ තමන්ට නියම වුණු දඩ මුදල ගෙවාගන්න සල්ලි නැති නිසා. මේක බන්ධනාගාර ප්‍රශ්නයකට එහා ගිය, "දුප්පත්කම නිසා දඬුවම් ලැබීමේ" ප්‍රශ්නයක්. සල්ලි තියෙන පුද්ගලයින් ඇප අරන් එළියට යද්දී, ඇප තියන්න සල්ලි නැති පුද්ගලයා බන්ධනාගාරය ඇතුළෙ හිර වෙනවා.
කොයි ආණ්ඩුවක් බලයට ආවත් ඉක්මනින් කළ යුතු දෑ...
මත්ද්‍රව්‍ය මෙහෙයුම් කෙරෙන කාලයට දවසකට 700ක් - 800ක් විතර අත්අඩංගුවට ගන්නවා. ඒවා ගැන පොලීසිය මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මහර බන්ධනාගාරයේ 2020 දී ගැටුම ඇති වෙනකොට රැඳවියන් 2,793ක් එහි ඉඳලා තිබුණා. බන්ධනාගාර වාර්තාවලට අනුව එහි රාජකාරි කරලා තිබුණේ නිලධාරීන් 270ක් පමණයි. අදටත් බන්ධනාගාරවල නිලධාරී පුරප්පාඩු 1,300කට වඩා තියෙනවා.
නිලධාරීන් මදි වුණාම බන්ධනාගාර පාලනය කරන්න ඇතුළේ ඉන්න දරුණු ගනයේ රැඳවියන් උත්සාහ ගන්නවා. රජයක් මේවා ගැන වඩාත් සැලකිල්මත් විය යුතුයි. මම හිතන්නේ කොයි ආණ්ඩුවක් බලයට ආවත් ඉක්මනින් කරන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනවා. ඇප නීති සහ රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්‍රමාදය වහාම විසඳන්න අවශ්‍යයි. කුඩා ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය සඳහා යොමුකරන්න විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි. දඩ ගෙවාගන්න බැරි පුද්ගලයින් දිගට ම බන්ධනාගාර ගත කිරීම වෙනුවට ඔවුන්ට විකල්ප දඬුවම් ක්‍රමවේද හඳුන්වා දී ඔවුන් සුදුසු පරිදි සමාජගත කිරීම අවශ්‍ය යි. බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට ඉක්මනින් විසඳුම් ලබාදීම අවශ්‍යයි.
හිරගෙවල් අඩු කරලා, මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවිය යුතු යි
මීගමුවේ සිදුවීමෙන් පස්සේ ආණ්ඩුව යෝජනා කළේ පරණ බන්ධනාගාර ආයෙත් ඇරලා සිරකරුවන් එහා මෙහා කරන්න. ඒක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි, හිරගෙවල් ඇරලා සමාජයක් හදන්න බෑ. සමාජයක් ආචාරශීලි කරන්න හිරගෙවල් අඩු කරලා, මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවිය යුතුයි. ආණ්ඩුවක් තියෙන්නේ ඒකට.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල දී ද හිටපු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පමණක් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළ නොහැකි යි. ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් සිදු කර කුමන්ත්‍රණය පිටුපස සිටින සියලු දේශපාලකයන් සහ නිලධාරීන් අනාවරණය කළ යුතු යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
