රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය.
මීට වසර 10කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ කටයුතු විවිධ හේතුන් මත අතරමග නැවතී තිබූ අතර, වත්මන් රජය යටතේ ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. ඒ අනුව ව්‍යාපෘතියේ කටයුතු 2029 වසර අගභාගයේදී අවසන් කිරීමට නියමිත ය.
මෙහි දී ජනාධිපතිවරයා ව්‍යාපෘති නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින්, ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලූ අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු, අභියෝග සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරමින්, ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන පවුල් 315 සදහා ඉඩමක් සහ විදුලිය, පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන් ලබා දීමටත්, එම ඉඩම්වල සූර්ය විදුලි බලයෙන් ක්‍රියාත්මක උස්සාන වාරිමාර්ග මගින් සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා යොමු කිරීමටත් උපදෙස් ලබා දුන්නේ ය.
අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් හිමිවන මෙන්ම මන්නාරම, සහල් නැළිය කුඹුරු හෙක්ටයාර 40,000ක් යල මහ දෙකන්නයේ අස්වද්දන මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතාවට ප්රතිලාභ සලසා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
