Language Switcher

V2025

සති හයක් ඉක්මවා ගිය ලංකා දේශපාලන කුමන්ත්‍රණයේ විශේෂ අවස්ථා !

පසුගිය ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම හා එතෙක් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොමු කළ ලිපියත් සමග ශ්‍රී ලංකාව දේශපාලන අර්බුදයකට පිවිසිණි.පසුගිය ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම හා එතෙක් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොමු කළ ලිපියත් සමග ශ්‍රී ලංකාව දේශපාලන අර්බුදයකට පිවිසිණි.

ඔක්තෝබර් මුල සමයේ සහ ඊට සති කීපයකට පෙරාතුව, හිටපු ජනපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නිර්මාණය කෙරෙන 'භාරකාර රජයක්' පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පැතිර ගිය අතර එය මාධ්‍යවල සිරස්තල නිර්මාණය කිරීමට ද සමත් විය.

මේ ලිපියෙන් විමසා බැලෙන්නේ, ඔක්තෝබර් 26 වන දින ආරම්භ වී විකාශනය වූ ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම සාකච්ඡාවට බඳුන් වූ දේශපාලන අර්බුදයේ සුවිශේෂ අවස්ථා පිළිබඳවය.

ඔක්තෝබර් 26

  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, සිය පාර්ශවය ආණ්ඩුවෙන් ඉවත් වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, සිය පාර්ශවය ආණ්ඩුවෙන් ඉවත් වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
  • ඉන් මඳ වේලාවකට පසුව මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
  • එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවමත් රටේ අගමැතිවරයා බව එවක කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.
  • එසේ ම, මාධ්‍ය හමුවක් පවත්වමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව අගමැතිවරයා තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව 'ධූරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍ය' රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

mr rw my 624

ඔක්තෝබර් 27

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය අනුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බවට දින නියම කෙරිණි.
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය අනුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බවට දින නියම කෙරිණි.
  • මෙදින පස්වරු 4 ට පෙර, අරලිය ගහ මන්දිරය භාර දී පිටව යන ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පැවසීය.ඒ දක්වා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර ඒ වෙනුවට සිරිසේන අමරසේකර පත් කෙරිණි.
  • කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඔක්තෝබර් 28

  • නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂ, මහනුවරදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් මුණ ගැසුණු අතර, එහිදී 120 කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය තිබෙන බවට ජනාධිපතිවරයාට විශ්වාසයක් තිබෙන බවත්, "එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේක කරන එකක් නෑනේ," යනුවෙන් පැවසීය.
  • නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂ, මහනුවරදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් මුණ ගැසුණු අතර, එහිදී 120 කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය තිබෙන බවට ජනාධිපතිවරයාට විශ්වාසයක් තිබෙන බවත්, "එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේක කරන එකක් නෑනේ," යනුවෙන් පැවසීය.නව අගමැතිවරයෙකු පත් කිරීමෙන් පසු පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙදින ජාතිය ඇමතූ අතර තමන් කළ ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු එහිදී අවධාරණය කළේය.
  • රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපීමට හේතු වූ කරුණු දැක්වූ ජනාධිපතිවරයා, "ආසන්න ම සහ ප්‍රබලතම හේතුව" ලෙස තමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවැතීයැයි කියන තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීම ද පෙන්වා දුන්නේය. මෙම කතාවේදී ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපය ද දැඩි ලෙස විවේචනය කළේය.
  • මෙදින ම, හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තම කාර්යාලයට ගිය අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් අතරතුර ඔහුගේ ආරක්ෂකයෙකු තැබූ වෙඩි පහරකින් ඛණිජ තෙල් සංස්ථා සේවකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලද බව මාධ්‍ය වාර්තා කළේය.

 104488671 0bb1142d d37f 43b2 899c 07ef0837be8c

ඔක්තෝබර් 29

  • මහින්ද රාජපක්‍ෂ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය.මහින්ද රාජපක්‍ෂ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය.
  • ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 29 වන දා විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.
  • මේ අතර, රටේ ස්ථාවරභාවය ඇති කිරීමට කටයුතු කරන ලෙස විදේශ රාජ්‍ය සහ අන්තර්ජාතික සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් නිවේදන නිකුත් කළහ.
  • කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින්, "නොවැම්බර් 16 වන දා තෙක් දින 20 ක් පාර්ලිමේන්තුව අක්‍රියව පැවතීම තුළින් රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගත වීමට ඉඩ නොතබන ලෙස," ඉල්ලා සිටියේය.
  • විපක්ෂ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත වෙන වෙන ම ලිපි යොමු කරමින්, පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටියහ.
  • ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලයේ පළමු පත් කිරීම් කළේය. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායක ද ඒ අතර වූහ.

ඔක්තෝබර් 30

  • වහා ම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනෙකු කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ඔහු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට යෙදිණි.
  • වහා ම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනෙකු කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ඔහු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට යෙදිණි.
  • තමන් පසු දින ම ජනාධිපතිවරයා හමුවී වහා ම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව එහිදී කතානායක කරු ජයසූරිය පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.
  • මේ අතර, එජාපෙ කොළඹදී විරෝධතාවක් සංවිධානය කළේය. පවතින දේශපාලන අර්බුදය විසඳාගත හැක්කේ, පාර්ලිමේන්තුව යළි කැඳවීම මගින් පමණක් බව ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය. "ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස" ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

නොවැම්බර් 01

  • නොවැම්බර් 5 වන දින පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව, පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙදින පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේය.
  • එහෙත්, එම දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
  • නොවැම්බර් 5 වන දින පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව, පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙදින පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේය.
  • එහෙත්, එම දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහ හමුවූ නමුත් එහි තොරතුරු මාධ්‍යයට අනාවරණය නොවීය.

නොවැම්බර් 02

  • පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවී මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකමතික කැමැත්ත පළ කළ ඒකාබද්ධ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දුන්හ.
  • "ගරු ජනාධිපතිවරයා විසින් ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන බව ප්‍රකාශ කරමින් සහ ඉන් පසුව ඊට අදාළව කරන ලද සියලු පත් කිරීම් සහ ක්‍රියාවන් අප පිළි නොගන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමු," යනුවෙන් එහි සඳහන් විය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවී මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකමතික කැමැත්ත පළ කළ ඒකාබද්ධ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දුන්හ.
  • "ගරු ජනාධිපතිවරයා විසින් ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන බව ප්‍රකාශ කරමින් සහ ඉන් පසුව ඊට අදාළව කරන ලද සියලු පත් කිරීම් සහ ක්‍රියාවන් අප පිළි නොගන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමු," යනුවෙන් එහි සඳහන් විය.

නොවැම්බර් 04

  • නොවැම්බර් මස 14 වන දා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව මෙදින ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් කියවිණි.නොවැම්බර් මස 14 වන දා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව මෙදින ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් කියවිණි.

නොවැම්බර් 05

  • නව පාර්ශවයට හිමි බහුතර බලය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදු වන බව දක්වමින් කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කළේය. නව පාර්ශවයට හිමි බහුතර බලය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදු වන බව දක්වමින් කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කළේය.
  • "අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 7 වන දා වන විට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කතානායකවරයා වශයෙන් මාගේ යුතුකම වේ. ඒ සඳහා මා හට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.
  • ඊට ප්‍රතිචාර දක්වමින්, රටේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න තීරණය කිරීමේ අයිතියක් කතානායකවරයාට නොමැති බවත්, කතානායක නිකුත් කළ නිවේදනය ව්‍යවස්ථාවට පටහැනි සහ නීතිවිරෝධී බවත් පත් කළ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
  • කෙසේ වුව ද, කතානායකවරයාගේ නිවේදනයෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී වැඩ ආරම්භ කළේය.
  • මෙදින සවස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල ජනාධිපතිවරයා සහ පත් කළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවති අතර, "113 ගැන බය වෙන්න එපා, පාර්ලිමේන්තුවේ 113 හදල ඉවරයි," යනුවෙන් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
  • කුමන ආකාරයේ තර්ජන පැමිණිය ද තමන් "ඉදිරියට තැබූ පය ආපස්සට" නොගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
  • නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, "ශ්‍රී ලංකා දේශපාලනය තුළ මතුව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන" තමන් සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව පැවසීය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ජනමාධ්‍යයට හෙළි කළ කරුණු පදනම් කරගෙන, මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් සහ වංචා, දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නොවැම්බර් 06

  • ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ වැදගත්කම සාකච්ඡා කරනු වස් කතානායක කරු ජයසූරිය හමු වූ බව ශ්‍රී ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කළාය.
  • ඒ අතර, නොවැම්බර් 14 වන දිනට පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන ඇති තීන්දුව පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරියගේ අවධානය යොමුව ඇති බව ඔවුන් නිකුත් කරන ලද නිවේදනයක දැක්විණි.

 104724187 f669d641 e2e6 439f 9868 dd8d67b6bd32

නොවැම්බර් 07

  • චමල් රාජපක්ෂ, එස් බී දිසානායක අමාත්‍යවරු ලෙස ද පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස ද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
  • 14 වන දා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර සියලු අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත් කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මෙදින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය.
  • ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නාවර්ට් (Heather Nauert) ට්විටර් පණිවුඩයක් පළ කරමින්, ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව පවසා තිබේ.

නොවැම්බර් 08

  • තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
  • ඒ අනුව, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන් අතර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, සී බී රත්නායක සහ අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ.
  • ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස් බී දිසානායක පත් කළේය.
  • මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු තානාපති බ්‍රයිස් හචිසන් කියා සිටියේ, "පාර්ලිමේන්තුව යළි කැඳවූ පසු විශ්වසනීයත්වය තහවුරු කරගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව ඇති," බවය.

නොවැම්බර් 09

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳව තමන් සැලකිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳව තමන් සැලකිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
  • මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ මීට පෙර රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් සී බී රත්නායක කැබිනට් අමාත්‍යවරුන් ලෙසින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
  • ජනාධිපතිවරයා එදින ම රාත්‍රියේ වහා ම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබුවේය.
  • ඊට අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 ජනවාරි 5 වන දින පැවැත්වීමට නියමිත විය.
  • ජනාධිපතිවරයාගේ ක්‍රියාවලියට, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වූයේය.

 104245031 222b1e7a 2ade 4876 a20d f68819ccaa76

නොවැම්බර් 10

  • රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහ කිරීමෙන් නොනැවතී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තවදුරටත් උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තමන් අධිකරණය හමුවට යන බව එක්සත් ජාතික පක්ෂය පැවසූ අතර ජනතා විමුක්ති පෙරමුණ ද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළේය.
  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනවාරි 5 වන දා මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩි අවධානය යොමු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නොවැම්බර් 12

  • ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් පමණ ඉදිරිපත් වූ බව වාර්තා විය.
  • ඒ අතර, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද විය.
  • එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු තවත් පාර්ශ්ව ද පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
  • ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් සලකා බැලීම, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙදින ආරම්භ විය.

නොවැම්බර් 13

  • ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවන දිනටත් පැවැත්විණි.
  • එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව නීතිපතිවරයා සඳහන් කළේය.
  • දිනය අවසානයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

නොවැම්බර් 14

  • නොවැම්බර් 04 වන දා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, මෙදින උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.
  • එහිදී, පත්කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර ධූරයෙන් නෙරපන ලද අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ විපක්ෂයේ අසුන් ගත්තේය.
  • පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා, 'පත්කළ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්' ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ 'හඬ අනුව' සම්මත කළ බව කතානායකවරයා ප්‍රකාශ කළ අතර, ඒ බව කතානායකවරයා රාත්‍රියේදී ම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කළේය.
  • ඊට ප්‍රතිචාර වශයෙන් කතානායකගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ද කතානායකට එම රාත්‍රියේ ම ලිපියක් යොමු කළේය.
  • පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කළ ලිපියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පියසේන ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි ද අත්සන් තබා තිබිණි.
  • මීට පෙර රාජපක්ෂ පාර්ශවයට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් නැවත රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට සහය දෙන බව ප්‍රකාශ කළේය.
  • ජනපති මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 29 වන දින පත්කළ අමාත්‍ය වසන්ත සේනානායක මෙදින පාර්ලිමේන්තු සැසියෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණට සහය දෙන බව ප්‍රකාශ කළේය.

my kj 1000px

නොවැම්බර් 15

  • පාර්ලිමේන්තුව රැස්වූ අතර පෙර දිනයේ සම්මත වූ විශ්වාසභංගය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයෙකු නොමැති බව කතානායකවරයා ප්‍රකාශ කළේය.
  • ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුවූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කළේය.
  • 2015 ජනවාරි 8 වන දා පොරොන්දු වූ "පරමාර්ථ ජයග්‍රහණය කරවීම සඳහා" කටයුතු කරන බවට 'ධූරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍යවරයා' කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති ජන රැලියකදී පැවසීය.
  • ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කළේය.

 104724185 dc8c423d 2852 47b4 b736 11722313a709

නොවැම්බර් 16

  • පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් ඇතිවූ අතර, දැඩි පොලිස් ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවේ තාවකාලික අසුනක සිට කතානායකවරයා දෙවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කර 'හඬ අනුව' ප්‍රතිඵලය ප්‍රකාශ කර සිටියේය.
  • සභාගැබට පැමිණි පොලිස් නිලධාරීන්ට සහ පසුව මන්ත්‍රීවරුන් පිරිසකට ද, පත් කළ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.
  • මෙදින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදින සවස දැනුම් දී තිබිණි.

 104365486 b400a6c3 96b4 4b6d 93a5 dc8297a273d3

නොවැම්බර් 19

  • මෙදින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, වත්මන් රජය ලෙස ක්‍රියාකරන සිය පාර්ශවයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමි විය යුතු බවය.
  • එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පාර්ශවයකට තේරීම් කාරක සභාවේ බහුතර බලය ලබා දීම අයුක්තිසහගත බවය.
  • ඒ අනුව, පක්ෂවල මන්ත්‍රී සංයුතිය අනුව තේරීම් කාරක සභාව සකස් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
  • මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබියදී, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

 104688520 emblem

නොවැම්බර් 21

  • එක්සත් ජාතික පෙරමුණට සහය දෙන බව නොවැම්බර් 14 ප්‍රකාශ කළ වසන්ත සේනානායක මෙදින කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී විය.

නොවැම්බර් 22

  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, එය සිකුරාදා (23) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ගනු ඇතැයි කතානායක මාධ්‍ය අංශය බීබීසී සිංහල සේවයට පැවසීය.

නොවැම්බර් 23

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මන්ත්‍රී සංයුතිය, කතානායක කරු ජයසූරිය විසින් සභාවට දැනුම් දෙන ලදී. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 05, එක්සත් ජාතික පෙරමුණ - 05, දෙමළ ජාතික සන්ධානය - 01 සහ ජනතා විමුක්ති පෙරමුණ - 01 වශයෙන් මන්ත්‍රීවරු තේරීම් කාරක සභාවට පත්කර තිබිණි.

 104487341 46691533 10156582367871327 7860273438580015104 o

නොවැම්බර් 25

  • තම ධූර කාලය තුළ පළමු වරට විදෙස් මාධ්‍ය ආයතන සඳහා සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපති සිරිසේන, 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ දූෂිතයන්ට දඬුවම් නොදීම පිළිබඳව වගකිව යුත්තේ "හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක" බව පැවසීය.
  • නිසි ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් තමන්ට එය පිළිගැනීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා හැර වෙනත් කෙනෙක් අගමැති ධූරය සඳහා යෝජනා කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

 104494722 gettyimages 1060124780

  • නොවැම්බර් 26
  • මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
  • ඒ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම, නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
  • ඒ අනුව මතු වූ දේශපාලන අර්බුදය හේතුවෙන් මේ වන විට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අතුරු නියෝගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස් කිරීම, මහින්ද රාජපක්ෂ දිගට ම අගමැති ධූරය දැරීමට එරෙහිව මෙන් ම අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට එරෙහිව වශයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නොවැම්බර් 28

නොවැම්බර් 5 වන දා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අදාළ සවිස්තර වාර්තාවක් අල්ලස් සහ වංචා, දූෂණ විමර්ශන කොමිසමට භාර දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැවසීය.

 104539033 tnamps

  • නොවැම්බර් 29
  • ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති, 'එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව' යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව සිය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කරමින් දෙමළ ජාතික සන්ධානය පැවසීය.
  • අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව ද මෙදින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත විය.
  • පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් පරිදි මෙදින සවස කතානායකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.

නොවැම්බර් 30

  • මහින්ද රාජපක්ෂට අගමැති ධූරයේ කටයුතු කිරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලැබීම බල රහිත කිරීමේ 'කෝ වොරෝන්ටෝ' ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට ගැනිණි.
  • ජනාධිපතිවරයා සවස්වරුවේ දෙමළ ජාතික ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවිය.
  • එහිදී "තමන් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂට බහුතර බලයක් නොමැති බව පිළිගන්නා බව," ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
  • පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව ලබාදීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත පළවුණත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකරන බව ඔහු ප්‍රකාශ කළ බව සාකච්ඡාවට එක් වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළේය.
  • දෙසැම්බර් 03
  • පත් කරන ලද අගමැති රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකු එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
  • එම අතුරු තහනම් නියෝගයට එරෙහිව අඟහරුවාදා ආරම්භක පැයේදී ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව ද මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
  • ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර රාත්‍රියේ පැවති සාකච්ඡාව මුළුමනින් ම අසාර්ථක වූ බව වාර්තා විණි. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධූරය ලබා දීම ජනාධිපතිවරයා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණට වෙනත් නමක් යෝජනා කරන ලෙස ඔහු නැවත වරක් ඉල්ලා තිබේ.

දෙසැම්බර් 04

  • ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වන සිකුරාදා දක්වා අත්හිටුවමින් වාරණයක් නිකුත් කළේය.
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.
  • මේ අතර රටේ ජනාධිපතිවරයා පමණක් ක්‍රියාත්මක වන තත්ත්වය හමුවේ රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් මෙදින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා ම අත්සන් කළත් නැවත රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

 104440941 626dd4fd 5fb1 4c8d 975d 1c8a7c3a2ed4

දෙසැම්බර් 05

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී දෙවන දිනටත් විභාගයට ගැනිණි.
  • මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ යෝජනාව, ඉදිරිපත් නොකර සිටීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

දෙසැම්බර් 06

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය අදාළ විභාගයේ තීන්දුව ලබා දෙන තුරු දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

දෙසැම්බර් 07

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.