Language Switcher

V2025

හේමලයා

hemalayaහේමලයා
අසංක ධර්ම ශ‍්‍රී

ජනාධිපතිතුමා එංගලන්තයට ගොඩ බැස්සේ අල්ලපු රටේ අගමැති තුමාගේ පණිවිඩයක්ද රැගෙනය. පණිවිඩය තෙරේසාට නොව කෝලිටය. ඒ නවසීලන්තය සමග තරගය කෙසේ හෝ ජයගන්නා ලෙසටය’

මෝදි කියූ ලෙසම පිට්ටනිය මැදටම ගොස් කෝලිට සුභ පතා පණිවිඩය කනේ තැබූ ජනාධිපතුමා කෙලින්ම ගියේ දහම් පුතාගේ උපාධි ප‍්‍රධානෝත්සවයටය. ඒ යන විටත් උත්සවය පටන්ගෙන තිබූ නිසා පිටිපස්සේන් හොරන්ම ගොස් දෙව්පියන්ට නියමිත ආසනනේ වාඩි වූ අප ජනාධිපතිතුමාව දුටු උත්සවයේ ප‍්‍රධාන අමුත්තා කෙලින්ම වේදිකාවේ ප‍්‍රධාන මේසයට සම්ප‍්‍රාප්ත වන ලෙස ඉල්ලා සිටියද තමන් පැමිණියේ උපාධි ලබන දරුවකුගේ පියෙකු ලෙස බව පවසමින් හුන් තැනම තැන්පත් විය.

දහම්ගේ උපාධි සහතිකය ගන්නට ලෝගුව ඇද වේදිකාවට ගොඩ වන විට ජනාධිපතිතුමාද ඒ සමග වේදිකාවට ගොඩ වූයේ එවන් ඡායාරූපයක් නැවත මෙදා කපේදී ගන්නට නොලැබෙන නිසාය. එක ෆොටෝ එකක් ගන්නට ගිය ජනාධිපතිවරයාට ඡායාරූප ශිල්පීන්ගේ බේරුමක් නැති විය. කෙසේ හෝ වදෙන් පොරෙන් එළියට ආ ජනාධිපතිතුමා කෙලින්ම ගියේ නැවතී සිටින හෝටලයටය. ඉක්මණින් හෝටලයේ කාමරටය රිංගා එතනින් බාත්රූම් එකටද රිංගුවේ හදිසි මුත‍්‍රා බරෙන් නිදහස් වීමටය.

මුත‍්‍රා කරන අතරම තමන්ට පිටුපසින් යමක් සෙලවෙනු දුටු ජනාධිපතිතුමා ඒ දෙස හැරී බලද්දී තමාගේ සෙවණැල්ල තමන් දෙසම හැරී බලා සිටිනු දැක්කේ අමුත්තක් ලෙසිනි.

මෙච්චර රටේ ප‍්‍රශ්න තියෙද්දි මේ වෙලාවෙම එංගලන්තෙට ආවේ මොන ඉලව්වකටද සෙවණැල්ල ඇහුවේ නෝක්කාඩුවය.

දරුවෙක් උපාධියක් ගන්නව කියන එක සුලූ පටු දෙයක් යැ හිටං . මම ආවෙ ඒකට.

හැබෑටම ඔය දරුව උපාධිය ගත්තද?

ගත්තදත් අහනවා. කොල්ලා උපාධිය ගන්න යද්දි ගහපු අත්පුඩි ගොඩ. මම හින්ද තමයි ඉතිං.

එංගලන්තෙට ආවට කැනඩාව පැත්ත පලාතේ එන්න එපා කිව්වා නේද?

කවුද කියන්නෙ හිටං. කැනඩාවට එන්න කිය කියා අඩනවා. මමයි යන්නේ නැත්තේ. කොහෙද මේ ජයන්ත’ි කැමති නෑනේ.

අන්න අරෙහෙ ආන්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනත්ලූ.

ආ ඔව් ඔව්.මමත් දැක්ක ෆේස් බුක් එකෙන්. මම ඒකට උපදෙස් දීල ආවෙ. දැන් ඉතිං ජේවීපීයත් මම කියන විදියටනෙ වැඩ. ඊල`ග ඡුන්දෙත් ඉතින් දිනන්නෙ මම තමයි.

දිනන්න අපේක්ෂකකම ගන්න එපැයි.

ඕක ඔය දයාසිරිල එකතුවෙලා අරන් දෙයි. කොහොමත් ගෝඨා එන එක මම නවත්තනවනේ. එතකොට මම තමයි අපේක්ෂකයා. සජිතුත් දැන් වැඩ මම කියන විදියට.

මේ පාර හම්බවෙයිද?

මම කියපු දේ කරපු එකම නායකයා’ ගමේ මනුස්සයගෙ ගැමි සුවද හදුනන නායකයා’ මිනිස්සු මට නොදී කාට දෙන්නද
එතකොට අර පූජිතටයි හේමසිරිටයි මොකද වෙන්නේ.

එයාලා නිදහස්නේ.

වැරදිකාරයෙක් නැද්ද?

සහරාන් නේ.

නවත්වගන්න බැරි වුණේ.

ආණ්ඩුවේ වැරැද්ද

මේ පාර ආරක්ෂක ඇමතිකම දීල ආවේ ?

ඒක එහෙම වේන ඕනෙ නේ හිටං. රටේ ආරක්ෂාව‍ෙ

පාස්කු ප‍්‍රහාරය වෙලාවේ දීල ගියේ නැති එක නේද වරද ?

මේ  ඕවට  මේවට උත්තර දෙන්න වෙලාවක් නෑ. මහ රැජිණ බලන්න යන්න තියෙනවා කියමින් ජනාධිපතිවරයා වහා පැන විදුලි බල්බයේ ස්විචය ඕෆ් කළේය. හෙවනැල්ල සැගවී ගියේ එලෙසිනි.