ඉම්රාන් ඛාන් තුන් වන වරටත් විවාහ දිවියට

ඉම්රාන් ඛාන් තුන් වන වරටත් විවාහ දිවියට

පකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙකු වන වන ඉම්රාන් ඛාන් තුන් වන වරටත් විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා.

ලාහෝරයේ ඔහුගේ නිවසේ පැවති චාම් විවාහ උත්සවයකදී ඔහු විවාහ වී තිබෙන්නේ බුෂ්රා බිබී නම් ආගමික උපදේශන ලබාදෙන කාන්තාවක් සමඟයි . .

65 හැවිරිදි ඉම්රාන් ඛාන්ට බුෂ්රා හමුව තිබෙන්නේ ඔහු ආගමික උපදේශ ලබාගැනීමට ගිය අවස්ථාවකදීයි.

මිට පෙර විවාහ වී සිට ඇති බුෂ්රා දරුවන් පස් දෙනෙකුගේ මවක් වන බව පැවසේ.

ක්‍රිකට් දිවියට සමුදෙමින් දේශපාලනය පිවිසෙන ඉම්රාන් ඛාන් Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂයේ සභාපතිවරයාද වේ.

ඉම්රාන් ඛාන් පළමුවරට විවාහ වූවේ ජෙමීමා ගෝල්ඩ්ස්මිත් නම් යුරෝපා ජාතික කාන්තාවක් සමඟයි. එම විවාහයෙන් ඔහු 2004 වසරේදී දික්කසාද වී තිබෙනවා.

ඉන්පසු රේහම් ඛාන් සමඟ සිදුවන දෙවන විවාහය මාස 10 ට සිමා වූවක්.

{gallery}imran{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න