කමල් හසන්ගෙන් අලුත් පක්ෂයක්

කමල් හසන්ගෙන් අලුත් පක්ෂයක්

ඉන්දීය නළු කමල් හසන් 'Makkal Needhi Maiam' නමින් ඊයේ (21)අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම උත්සවය සඳහා ලක්ෂ ගණනක ජනතාවක් සහභාගී වී සිට ඇති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිල්ලි මහා ඇමති අරවින්ද් කෙජ්රිවාල්ද සහභාගී විය.

පක්ෂය ආරම්භ කරමින් අදහස් දැක්වූ කමල් හසන් මෙම පක්ෂය දක්ෂිණාංශික හෝ වාමාංශික නොවන මධ්‍යස්ථ දේශපාලනයක් රැගත් පක්ෂයක් බවත් . එසේම හැකියාවන්ට තැන ලබාදෙන කුලය, ආගම ප්‍රමුඛ කරනොගන්නා පක්ෂයක් බව පවසා තිබේ.

එසේම තම පක්ෂයේ ලකුණ වන අත් හය මගින් ප්‍රාන්ත හය නිරූපණය වෙන බව පැවසේ.

'Makkal Needhi Maiam' හි සරල තේරුම වන්නේ ජනතා යුක්තිය සඳහා මධ්‍යස්ථානය යන තේරුමයි.

මේ වනවිට හැට දෙවන වියේ පසුවන කමල් හසන්ගේ දියණිය වන ජනප්‍රිය නිලි ශෘති හසන්ද තම පියාගේ නව දේශපාලන පියවර වෙනුවෙන් සුබපතා තිබුණි.

{gallery}kamal_hasan{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න