කාර්ඩිෂියන්ගේ නංගි නිසා Snapshot සමාගම අලි අමාරුවක

කාර්ඩිෂියන්ගේ නංගි නිසා Snapshot සමාගම අලි අමාරුවක

කිම් කාර්ඩිෂියන්ගේ නැගණීය වන කයිලි ජෙනර්ගේ ට්වීටර් පණිවිඩයක් හේතුවෙන් Snapchat සමාගමේ කොටස් වෙළඳ පොළ කොටස්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක කොටස් අහිමි වී ඇති බව වාර්තා වේ.

Snapchat යනු රූපමය පණිවිඩ යැවිය හැකි ජංගම දුරකථන යෙදවුමකි.

 කයිල් ජෙනර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබුණේ ඇය තවදුරටත් Snapchat භාවිත නොකරන බවයි.

ඇගේ ට්විටර් ගිණුමේ මිලියන 24.5 ක පමණ සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නකි.

Snapchat සමාගම තමන්ගේ යෙදවුම සඳහා මෑතකදී අලුත් වෙනස්කම් කිහිපයක් එක් කරනු ලැබුවා.

මෙම වෙනස්කම් ආපසු හරවන ලෙස ඉල්ලමින් මේ වනවිට මිලියනයක පමණ පිරිසක් පෙත්සමකටද අත්සන් තබා තිබේ.

Snapchat සමාගමට මේවනවිටත් Facebook සහ Instagram සමඟ විශාල තරඟකාරීතත්වයකට මුහුණ දෙමින් සිටියි.

කෙසේවෙතත් Snapchat සමාගම පවසන්නේ තමන්ගේ යෙදවුමේ ඇති වාසි එය පාවිච්චි කරන්නට දැනීමට තව කාලයක් ගතවන බවයි.

Snapchat නිර්මාණය කරනු ලැබුවේ ඉවාන් ස්පයිගල්, බොබී මර්පි, රෙජි බ්‍රවුන් නම් තිදෙනා විසිනුයි.

මෙහි විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ඉවාන් ස්පයිගල් නැමැත්තායි.

1

2

3 1

5

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න