රාම් ගෝපාල් වර්මාට එරෙහිව මාරාන්තික උපවාසයක්

රාම් ගෝපාල් වර්මාට එරෙහිව මාරාන්තික උපවාසයක්

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඉන්දියාවේ කාන්තා සංගම් කිහිපයක් දින දෙකක මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එයට හේතුවී තිබෙන්නේ ඔහුගේ අලුත් චිත්‍රපටය වන God, Sex And Truth නම් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය හරහා ස්ත්‍රීනට අපහාස කර ඇති බවට චෝදනාවයි.

කාන්තා සංගම් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ එම චිත්‍රපටය ඉන්දියාව තුළ රූගත කරන ලද්දක් බවට සාක්ෂි පවතින බවයි. ඉන්දියාව තුළ නිල් චිත්‍රපටි නිර්මාණය කිරීම නීතිය අනුව වරදකි.

එයට ප්‍රතිචාර ලෙස රාම් ගොපල් වර්මා ප්‍රශ්න කරන්නේ තමන් වැඩිහිටියන්ට ගැලපෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව පිළිගන්නා අතර එහි වගකීම තමන් බාරගන්නා බවත් එය ඉන්දියාවේ හෝ වෙනත් රටක රූගත කළත් එහි ඇති ප්‍රශ්නය් කුමක්ද යන්නයි.

එසේම පසුගිය මාසයේදී රූපවාහිනී වැඩසටහනකදී රාම් ගෝපාල් විසින් තමන්ට ඔහුගේ මීළඟ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟපෑමට කැමතිදැයි විමසා ඇති බවට කාන්තා සංගම් සාමාජිකාවක් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි .

කාන්තා සංගම් චෝදනා කරන්නේ ඔහු තරුවක් වීම නිසා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මැලිවන බවයි.

God Sex And Truth චිත්‍රපටය නිල් චිත්‍රපට නිළි මියා මල්කෝවා පිළිබඳ නිර්මාණය වූවකි. වාර්තා චිත්‍රපටයක් වන මෙහි මියා ලිංගිකත්වය ඇය දරන අදහස් ඇතුළත් වන බව පැවසේ. God Sex And Truth චිත්‍රපටය පසුගිය මාසයේ අනතර්ජාලය වෙත නිකුත් කර තිබේ.

 සිනමා අධ්‍යක්ෂ රාම් ගෝපල් වර්මා ඉන්දියාව තුළ නව සිනමා කලාවක් බිහිකළ සහ පරික්ෂණාත්මක චිත්‍රපට තනන නිර්මාණ කරුවෙක් ලෙස ප්‍රකටව තිබෙනවා. ඔහු භූත්, රාත්, රන්ගීලා, දිල් සේ, වීරප්පන් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය කර තිබෙනවා.

images 1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න