ශ්‍රී දේවි දියේ ගිළුනා නම් හෘදයාබාධයට හේතුව මොකක්ද? තවදුරටත් පරීක්ෂණ

ශ්‍රී දේවි දියේ ගිළුනා නම් හෘදයාබාධයට හේතුව මොකක්ද? තවදුරටත් පරීක්ෂණ

මුළු ඉන්දියාවම කම්පාවට පත්කරමින් හදිසියේ මිය ශ්‍රී දේවිගේ මරණය පිලිබඳ නැවතත් සැක සංකා මතුවෙමින් තියෙනවා. එයට හේතුව ඊයේ නිකුත්කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව දියේ ගිලීම බව සඳහන් වීමයි. ඊට පෙර වුලේ ඥාතීන් විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණේ ශ්‍රී දේවි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බවයි.

එහෙත් ඊයේ නිකුත්කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇය සිහිය නොමැතිවීම හේතුවෙන් නාන කාමරයේ bathtub එක තුළ ගිලී තිබේ. එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී දේවිගේ රුධිරයේ මත්පැන් අඩංගුවී වූ බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි.

එසේම මෙම වාර්තාවේ කිසිදු විෂ රසායනයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නැත.

සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කර නොමැති අතරම හෘදයාබාධය සහ දියේ ගිලීම අතර සම්බන්ධය පිළිබඳ හෙළිකිරීමක් මෙතෙක් සිදුකර නොමැති වීම හේතුවෙන් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ සැක සංකා වැඩිවෙමින් තිබේ.

මේ අනුව මරණය සිදුවූ ආකාරය සෙවීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුවන බව පැවසේ.

සිරුර ඉන්දියාවට රැගෙන ඒම ප්‍රමාදයි

මේ අනුව ශ්‍රී දේවිගේ සිරුර ඉන්දියාවට රැගෙන ඒම තවත් ප්‍රමාද වෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

ඇගේ සිරුර ඉන්දියාවේ මුම්බායි වෙත ගෙන ඒමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීයි.

ඩුබායි රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තාද සඳහන් කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති නමුත් ඉදිරි නීතිමය කටයුතු සඳහා සිදුවෙමින් යන බවයි.

 මේ අතර ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ජනතාව බොහෝ දෙනෙක් තම ආදරණිය සිනමා තාරකාව වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා අනිල් කපුර්ගේ නිවස ඉදිරිපිට රැඳී සිටියි.

පසුගිය සෙනසුරාදා ශ්‍රී දේවි මියගොස් තිබුණේ ඩුබායි හිදී පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. ඇය මියයන විට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිට ඇති බව එක් ආරංචිමාර්ගයක් පවසන අතර තවත් ආරංචිමාර්ගයක් පැවසුණේ ඇය ඩුබායි හෝටලයේ තනිවම සිට ඇති බවයි.

ශ්‍රී අම්මා යන්ගර් අයියපන් සිට ශ්‍රී දේවි දක්වා

දශක පහක ආසන්න සිනමා ගමන තුළ චිත්‍රපට ශ්‍රී දේවි චිත්‍රපට 300ආසන්න ප්‍රමාණයකට සිය රංගනය එක් කර තිබේ.

1963 අගෝස්තු 13 තමිල්නාඩුවේදී උපන් ශ්‍රී අම්මා යන්ගර් අයියපන් සිනමාවට පිවිසීමෙන් පසු “ශ්‍රී දේවි” බවට පත්විය. ඇය සිය ජීවිත කාලය තුලදී හින්දි, දමිළ, තෙලිගු, මලයාලම් හා කන්නඩා ආදී ඉන්දියානු සෑම චිත්‍රපට ක්ෂේත්‍රයකම සිය රංගන හැකියාව ලබාදී තිබීම විශේෂත්වයකි .

වයස 13 දී මුල්වරට වැඩිහිටි චරිතයක් සඳහා රංගනයේ යෙදෙමින් දමිළ සිනමාවට පිවිසෙන ශ්‍රී දේවි ඊට පෙර වයස අවුරුදු හතරේදී ද චිත්‍රපටියක රඟපා තිබේ. ශ්‍රී ලංකාව තුළ ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වන්නේ නාගීනා , හිම්මත්වාලා සහ මිස්ටර් ඉන්දියා යන චිත්‍රපට හරහායි.

අසූව සහ අනූව දශකයේ මුල බොලිවුඩ් සිනමාවේ නිළි රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී ප්‍රධාන නළුවෙකුගේ සහය නැතිව ඇය රඟන චිත්‍රපට බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්වීම හේතුවෙන් හින්දි සිනමාවේ පළමු කාන්තා සුපිරි තාරකාව ලෙස සැළකේ.

බොලිවුඩයේ සමකාලීන ජනප්‍රිය නළුවෙකු වූ මිතුන් චක්‍රබෝර්ති සමග පළමුව විවාහ වන ශ්‍රී දේවිගේ එම විවාහය පැවතියේ වසර තුනක් පමණි. පසුව බොනී කපුර් සමග විවාහවන ශ්‍රී දේවි වසර 15 ක් පමණ රංගනයෙන් ඉවත්වී සිටියාය.

ඇය නැවත චිත්‍රපට ක්ෂේත්‍රයට පය තබන්නේ 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටයේ රඟපාමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න