Language Switcher

V2025

සුබ රාත්‍රියක් මැරඩෝනා !

ආර්ජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  තිබේ.

මියයන විට 60 හැවිරිදි වියේ පසුවූ ඔහු වෙනුවෙන් මේ වන විටත් ආර්ජන්ටිනාව දින 3ක ජාතික ශෝක දින ප්‍රකාශයට පත්කර ඇත.

1986 වසරේ දී ආර්ජන්ටිනාවට ලෝක පාපන්දු ශූරතාවය ජයග්‍රහණය කර දීමට කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේද මැරඩෝනා විසිනි. 

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි මැරඩෝනා මියයන මොහොත දක්වාම ක්‍රීඩකයකු, උපදේශකයකු සහ පුහුණුකරුවකු ලෙස පාපන්දු ක්‍රීඩාව සමඟ බද්ධව සිටියේය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found