ගණිකා නිවාස මඩක් ගැන කියන්න අනූෂා CIDට

ගණිකා නිවාස මඩක් ගැන කියන්න අනූෂා CIDට

වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් මාලඹේ ප්‍රදේශයේදී නිවසක් වටලා ගණිකා සේවයේ නිරත ලාංකික තරුණියන් 03දෙනෙකු සහ තායිලන්ත තරුණියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිු බවටත් මෙම ස්ථානයේ සැබෑ හිමිකරු රංගන ශිල්පිණී අනූෂා දමයන්ති බවටත් ඇය පොලිසිය භාර ඇමතිවරයාට කතා කර තරුණියන්ට නවාතැන් සැපයූ තම බෝඩිමක් බව පවසා අත්අඩංගුවට ගත් අය වහාම මුදා හැරගෙන ඇති බවත් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාවක් පැතිර යයි.

ඒ සම්බන්ධයෙන් අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් සිදු කර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.

''මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවාග සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙනග රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවාග කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑග කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේග නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවාග මම හීනෙකින්වත් හිතපු නැති දේවල්ග මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලාග වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලාග සමාජය බුද්ධිමත්ග ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලාග ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න