අපි අපේ දරුවන්ට තව තවත් ළං වෙමු! - සනී ලියෝන්

අපි අපේ දරුවන්ට තව තවත් ළං වෙමු! - සනී ලියෝන්

ජම්මු කාශ්මීරයේ කතුවා හීදී අට හැවිරිදි අසීෆා දැරිය කෘර ලෙස සමූහ දූෂණයකට පසුව මරා දැමීම සිදුවීම සම්බන්ධව මේ වන විට ඉන්දීය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

පසුගිය ජනවාරියේ වූ මෙම සිදුවීමට අදාළව පසුගිය සතියේ සැකපිට පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් පාලක පක්ෂයේ අමාත්‍යවරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හින්දුන් බැවින් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත්ව තිබෙනවා.

මේ සිදුවීමට ප්‍රතිචාර දක්වමින් සනී ලියෝන් සිය ට්වීටර් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබා ඇති අතර ඒ කෙරෙහි සමාජ ජාල ක්‍රියාකාරීන් අතරත් ඉන්දීය වෙබ් අඩවි තුළත් අවධානය යොමුව තිබෙනවා.

සිය දියණිය වූ නිෂා තුරුළු කරගත් ජායාරූපයක් සහිතව සනී ලියෝන් තැබූ ට්වීටර් සටහන

සන

"මගේ හදවතේ මගේ ආත්මයේ මගේ ශරීරයේ සෑම අංශුවකින් පවා මම පොරොන්දු වෙනවා මේ ලෝකයේ කෘෘර දෙයින් සහ එවනි මිනිසුන්ගෙන් ඔබව ආරක්ෂා කරන බවට. ඔබේ රැකවරණය වෙනුවෙන් මම මගේ ජීවිතය වුවත් දෙනවා. කෘෘර සහ වේදනාව ඇතිකරණ පුද්ගලයන් හමුවේ ළමයින්ට ආරක්ෂාවක් තිබිය යුතුයි. අපි අපේ දරුවන්ට තව තවත් ළං වෙමු!

sunny leone family

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න