Language Switcher

Ad

Ad 01

V2025

මොනලීසාට ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි මොනලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ සම්බන්ධයෙන් විරෝධතාවක නියැලුණු දෙදෙනෙකි.

මිල කළ නොහැකි මෝනාලිසා සිතුවම, ප්‍රදර්ශනයට තබා ඇත්තේ වෙඩි නොවදින අධි ආරෙක්ෂක වීදුරු කුටියක් තුළය. එහෙයින් සිතුවට කිසිදු හානියක් සිදු නොවිණි.

විරෝධතාකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණි.

16 වැනි සියවසට අයත් මොනලිසා සිතුවම ලොව වැඩිම ජන ප්‍රසාදයට ලක්වූ සිතුවම ලෙස සැළකෙයි.