මහින්දගෙන් රනිල්ට දකුණේ කිරි පැණි

මහින්දගෙන් රනිල්ට දකුණේ කිරි පැණි

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ වෙත මීකිරි හට්ටි රැසක් සහ පැණි මුල් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් ලබා දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ පසුගිය දා මහින්ද රාජපක්ෂ ගේ සුව දුක් විමසීමට තංගල්‍ල කාල්ටන් නිවසට ගිය අවස්ථාවේදී මෙම කිරි හට්ටි සහ පැණි මුල් ලබා දී තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

රනිල් හා මහින්ද ටික වේලාවක් කතාබහ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහට දිවා ආහාරය ලබාගන්නා ලෙසට ආරාධනා කර ඇති අතර ගමේ ක්‍රමයට දිවා ආහාරය සකසා තිබූ බවද වාර්තා වනවා.

දිවා ආහාරය ලබා ගන්නා වේලාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කොට තිබෙනවා.

විශේෂයෙන්ම නොවැම්බර් මාසයේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එක්ව සංවිධානය කරන විරෝධතා මාලාව පිළිබඳවත් ඒ සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් නාමල් සහ සාගර කාරියවසම් දැනුවත් කොට අවශ්‍යය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.

දිවා දිවා ආහාරයෙන් අනතුරුව මීකිරි සහ පැණි අතුරුපස වශයෙන් ආහාරයට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් "මෙන්න ගමේ හොඳ මී කිරි" කියමින් මී කිරි හට්ටි රැසක් හා පැණි මුල් රනිල්ට ලබා දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් ඉතා පරිස්සමට මෙම මී කිරි හට්ටි සහ පැණි මුල් කොළඹට රැගෙනා බවයි දැනගන්නට ලැබෙන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න