පිංතූර ගැහුවේ පද්මේ එක්කදැයි දැනගෙන හිටියේ නෑ - ශ්‍රීමාලි ෆොන්සේකා

පිංතූර ගැහුවේ පද්මේ එක්කදැයි දැනගෙන හිටියේ නෑ - ශ්‍රීමාලි ෆොන්සේකා

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවත්වූ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන අපහාසාත්මක තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා ඊයේ (27 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියාය.


ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඩුබායිහි පැවැති අවුරුදු උත්සවයකදී තමන් කෙහෙල්බද්දර පද්මේ සමග පින්තූරයකට පෙනී සිටිය බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පැවසූ බවත් ය.

තමන් කිසි දිනක පද්මේ නම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නොදැන සිටි බවත් තමන් සමග පින්තූර ගත් පුද්ගලයා ද කෙහෙල්බද්දර පද්මේ දැයි නොදැන සිටි බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීමාලි ෆොන්සේකා මෙසේ ද පවසා සිටියාය.


‘‘මට පාතාල නායකයන් හෝ වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමග කිසිම සම්බන්ධයක් නැහැ. අපි රංගන ශිල්පිනියන් නිසා මිනිස්සු ඇවිල්ල පින්තුර ගන්නවා අපි එක්ක. අපිට එතකොට බැහැ කියන්න බැහැ. මේ පද්මේ කියන පුද්ගලයා එක්ක මගේ පින්තූරය තිබුණේ අවුරුදු උත්සවයකදී ඩුබායිවල. අපි දන්නේ නැහැ ඔවුන් කවුද කියල අපිට උත්සවයට එන්න කිව්වා අපි ගියා. ගොඩාක් දෙනා එදා හිටියා නමුත් මම කවදාවත්ම දැනගෙන හිටියේ නැහැ මේ පුද්ගලයන් ගැන. මට සියයට සියයක් තහවුරු කරලා කියන්න පුළුවන් මම කවදාවත් නීත්‍යනුකුල නොවන විදියට මුදල් හම්බුකරලත් නැහැ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ වෙලත් නැහැ කියල. මගේ පැත්තෙන් මම නිර්දෝෂි කියන එක මම සී අයිඩී එකට කිව්වා. ඔප්පු කරල පෙන්නුවා. මට කාගෙන්වත් සල්ලි ඕනේ නැහැ අපරාධකරුවන්ගේ සල්ලි කොහොමත් ඕනේ නැහැ. මට හොඳ ආර්ථික ශක්තියක් තියනවා. කාගෙන්වත් යැපෙන්න අවශ්‍ය නැහැ. මම ඉල්ලනවා සමාජ මාධ්‍යයේ අපි ගැන වැරැදි තොරතුරු පළ කරලා අපේ නම කැත කරන්න එපා කියලා.’’

(aruna | අශිකා ජයවීර)


 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න