ආණ්ඩුවෙ ඉහළම තැනකින් කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොකු තැනට අමුතුම නියෝගයක් ආවාලු.
අනුරාධපුරයේ කාකි සූට් කන්තෝරුවල ඉන්න ඉහළ නියෝග නොපිළිපදින තරුණ උණකාරයෝ වහාම මාරු කරන්න කියලා.
ඒකට හේතුව පහුගිය දවස් වල මාලිමා මන්ත්‍රී නෝන කෙනෙකුගේ හබියා වෙච්ච ප්‍රින්සිපල් තුමා මාට්ටු වෙච්ච කුඩු කේස් එක ගැන මුලින්ම ආරංචි වෙච්ච් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මට්ටමේ ලොක්කා "ඔන්න ඕක අල්ලලා දාලා තමුසෙලාගෙ වෙන වැඩක් බලා ගන්නවා" කියල දුන්න නියෝගය පිළිගන්නෙ නැතුව තරුණ පොලිස් පොඩ්ඩෝ ඒක පොතේ ලියල රාජකාරියක් බවට පත්කරපු නිසා ලු..
මේකෙන් ආණ්ඩුවේ කුඩු වැනසීමේ ව්‍යාපෘතිය අලවෙලා ගියා.
ඒ ගැන කේන්ති ගිය වෙලාවේ තමයි ලොක්කා මේ නියෝගය දුන්නයි කියන්නේ..
ඉහළම නියෝගයක් වුණත් මේ වෙලාවේ ටිකක් මොලේ පාවිච්චි කරපු කාකි සූට් ලොක්කා "සර්, ඒ වැඩේ නම් එක පාරට කරන්න අමාරුයි" කියලා කිව්වාලු. ඒගොල්ලෝ උසාවි යන්නත් ඉඩ තියෙනවා කියලා පොඩි අනතුරු හැඟවිමකුත් කරලා..
එහෙමනම් පස්සේ හෙමින් හෙමින් ටික ටික හරි කරන්න කියලා ඊළඟ නියෝගය ලැබිලා.
"හොඳයි බලමු" කියලා කාකි සූට් ලොක්ක උත්තර දීලා.
දැන් අපි බලන් ඉන්නෙ එයා දියරෙද්දෙන් මේගොල්ලොන්ගේ බෙල්ල කපන හැටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
