කටුනායක ගුවන්තොටේ ෆ්ලෑෂ් මොබ් (Flash Mob) එකක්!

කටුනායක ගුවන්තොටේ ෆ්ලෑෂ් මොබ් (Flash Mob) එකක්!

විවිධ රටවල ගුවන්යානා සහ ගුවන්තොටුපළ කාර්යය මණ්ඩල සිය ගුවන් මගීන් ගුවන්තොටුපළ තුළ සිටින කාලයේ ඔවුන්ගේ විඩාව මගවාහැරීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරයි.

ෆ්ලෑෂ් මොබ් (Flash Mob) මෑතකදී ඉතා ජනප්‍රිය අංගයක් වූ අතර එහිදී ගුවන් සමාගම් කාර්යය මණ්ඩලය හෝ ගුවන්තොටුපළ කාර්යය මණ්ඩල ජනප්‍රිය ගීතයකට එක් වරම නර්ථන අංගයක් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙය ලොව ප්‍රධාන ගුවන්තොටුපළ වන ඩුබායි, ලන්ඩන් හීතෘෘ, ඇට්ලන්ටා, දිල්ලි වැනි ගුවන්තොටුපළ මෙන්ම තවත් බොහෝ ගුවන්තොටුපළ වල සිදුකොට ඇති අතර ශ්‍රී ලංකාවද මෙම ක්‍රමය ඊයේ (30) දිනයේදී හඳුන්වා දුනි. ඒ තායි ලයන් එයාර් ගුවන්සමාගම ශ්‍රීලංකාව සහ බැංකොක් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ අවස්ථාවේදීය.

එහිදී කටුනායක ගුවන්තොටුපළ කාර්යය මණ්ඩලය මනරම් නර්ථන අංගයක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ ජාලා තුළ මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් ඇත.

1 DSC 5147

2 DSC 5151

3 DSC 5111

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න