ගුරුවරයාගේ පහරදීමෙන් සිසුන් 18ක් රෝහලේ !

ගුරුවරයාගේ පහරදීමෙන් සිසුන් 18ක් රෝහලේ !

පාසලේ ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම නිසා ඊට දඬුවමක් ලෙස මඩකලපුව ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු පහරදීමෙන් පහ වසර සිසුන් 18 ක් කාත්තන්කුඩ් මුලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පහර දුන් ගුරුවරයා කාත්තාන්කුඩ් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වන අතර මෙය සිදුව තිබෙන්නේ ඊයේ (13) දිනයේය.

ගුරුවරයාගේ පහරදීමට ලක්වූ සිසුන් සම්බන්ධව වැඩිදුර තොරතුරු රැස්කිරීම සඳහා මාධ්‍ය කණ්ඩායම් අදාළ රෝහලට ගියද රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතියක් නොමැතිව ඊට ඉඩ ලබාදිය නොහැකි බව රෝහල් කාර්ය මණ්ඩලය දන්වා ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න