Language Switcher

V2025

කුරුණෑගල පොහොට්ටුවේ හීනමානය ඉස්මතුවේ !

කුරුණෑගල දිස්ත්‍රික්කය වගේම විශේෂයෙන් කුරුණෑගල ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ බල ඇතුන් ජීවත්වෙන ප්‍රදේශයකි. නමුත්ඉදිරියට එන වයඹ මහ ඇමති සටන සහ තම තමන්ගේ බලය ස්ථාපිත කරගැනීමේදී මේ පොහොට්ටු බලධාරීන් හීනමානය උලුප්පාගෙන වැඩකරන බව ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයරත්න හේරත් , සාලින්ද දිසානායක නැමැති ජ්‍යෙෂ්ඨයින්ගේ පාලනයට ලක්වූ කුරුණෑගල දිසාව පොහොට්ටුව විනාසය කරා ගෙනියන වැඩසටහනක සිටිනබව දැනගන්නට ලැබී තිබේ.මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම සමග පිළිසඳරක් වැඩසටහන කුරුනෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පැවතුනද නෙලුම් මාවතේ සාකච්ඡාවෙන කිසිම දෙයක් නිකවැරටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නොවන බව ආරංචි මාර්ග පවසයි.

එයට හේතුව වී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්යමණ්ඩලයේ ක්‍රියාකලාපය බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. කුරුණෑගල මාවතගම පොල්ගහවෙල ගල්ගමුව ප්‍රදේශවල මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබුනද නිකවැරටියට කිසිදු ක්‍රියාත්මක කිරීමක් අද වෙනකන් නොකර ඇතිබව දැනගන්නට ලැබී තිබේ.

නෙලුම් මාවතෙන් අසරණ වූ නිකවැරටියට එසේ වෙද්දී ජොන්ස්ටන් මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය තවත් හපන්කමක් පෙන්වා ඇතිබව වැඩිදුරටත් දැනගන්නට ලැබී ඇත. එනම් කුරුණෑගල මාස්පොත පන්සලේ නායක හාමුදුරුවන්ගේ අපවත් වීම සම්බන්ධවයි. හාමුදුරුවන්ගේ දේහය අධාහනය කරන දිනයේදී මාස්පොත පංසලට පක්ෂ විපක්ෂ සියළුම මැතිඇමතිවරුන් පැමිණ සිට ඇත. එහිදී ඒ මේ අත දුවමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් උස්සා පෙන්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය උත්සහ කරමින් සිට ඇතැයි ආරංචි මාර්ග පවසයි. කෙසේ හෝ අධාහන උත්සවයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය කියවීමට නියමිතව තිබුනේ පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතාටය. නමුත් එතන කසුකුසුවක් පටන්ගත් ජොන්ස්ටන් ගේ කාර්ය මණ්ඩලයේ පිරිස මෙම අවස්ථාවද කඩාකප්පල් කිරීමේ මුවාවෙන් එහෙම බෑනේ ජයරත්න ලොක්ක මේකෙන් තවත් උඩ යනවා, ඩී බී ට දෙමු. මොනවා වුනත් ඩී. බී අපේ ලොක්කගේ ගෙදර වැඩක් තිබ්බත් ඇවිත් කරලා දීලා යන මනුස්සයනේ යනුවෙන් කතාබහ කර ඇතිබව දැනගන්නට තිබේ. එසේ කතාකරගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලය ඩී. බී හේරත් එතෙන්ට කැඳවා හේරත් මහත්තයා ඔයා හිටපු ජනාධිපතිතුමාගේ කතාව කියවන්න ඔයා තමයි සුදුසු යැයි පවසා ඇත. එහිදී ඩී. බී හේරත් අනේ මට බෑ මල්ලි අවුල් හදාගන්න. මම දැන් වෙනදෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉන්නේ මේක වෙන කාටහරි දෙන්න යනුවෙන් පවසා ඇත.

ඉන් නොනැවතුණු ජොන්ස්ටන්ගේ කාර්ය මණ්ඩලයේ මල්ලිලා ටික ඒ පණිවිඩය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට පැටවීය. එයින් මහත් සන්තෝසයට පත් තුෂාර සංජීව මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය ව්‍යාකරණ වෙනස්කරමින් කියවා ඇති අතර ජයරත්න හේරත් මහතා මේ කිසිත් නොදැන සිනහමුසු මුහුණින් මේ කතාවට සවන්දී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග පවසයි. නමුත් අධාහනය අවසානයේ සියළුම පොහොට්ටු මන්ත්‍රීවරුන් මෙන්ම අනෙකුත් පක්ෂවල මැති ඇමතිවරුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ නූගත් ක්‍රියාකලාපයන් විවේචනය කරන්නට විය.මුන්ට රැස්වීමක් තියලා සීයක් ගෙනල්ලා පෙන්නන්න බෑ. ඇත්තමයි ජොනී මේ වගේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති බුරුවො ටිකක් තියාගෙන මොනවා කරනවද මන්දා. මේකෙන් කෙලවෙන්නේ අපිටමයි. මී හරක් ටිකක්නේ ජොනී වටේ ඉන්නේ. උන් තමයි ඔක්කොම පක්ෂයේ තීන්දු තීරණ දැන් ගන්නේ. එහෙම කීවේ හිරියාලයේ පොහොට්ටු සිංහයාය. ඒ අස්සේ මුන් නගර සභාවේ උඩතට්ටුවේ මීටින් එක තිබ්බේ, පනහක් ඇවිත් හිටියේ නෑනේ යැයි ඩී. බී හේරත් නැවතත් කියා ඇතැයි දැනගන්නට තිබේ.

මේ සිද්ධිය සිදුවීමෙන් පසු ජයරත්න හේරත්ට තමන්ගේ කාර්ය මණ්ඩලය අඩුපාඩුවක් කර ඇතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබී ඇත. හදිසියේම පසුවදා තමන්ගේ කාර්ය මණ්ඩලයට තමන්ගේ ඉතිහාස භාෂාවෙන් ඇමතු ජොනී, යකෝ මම දේශපාලඥයෙක් සිල්ලර කඩකාරයෙක් නෙමෙයි. දේශපාලනේ කරන්න උඹල දන්නේ නෑ හැමදාමත් උඹල කරන්නේ නාන එක එහෙම නාලා හිතවත්කමෙන් වැඩ කරගෙන යන මිනිස්සුන්වත් මාත් එක්ක තරහ කරවනවා. දැන් ඔය ඇතිකරපු ප්‍රශ්නේ උඹලම මට ලිහලා දීපල්ලා යනුවෙන් දැඩි කෝපයෙන් පවසා ඇතැයි දැනගන්නට ලැබී තිබේ. කෙසේ නමුත් මේ සිද්ධිය සමතයකට පත්කිරීම වෙනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ෆේස් බුක් නිලධාරී දක්ෂිත ලංකාතිලක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජයරත්න හේරත් අතට අත දීගෙන ඉන්නා පින්තූරයක් බුකියට අප්ලෝඩ් කළේය. එසේ කලනමුදු තමුන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුනෑගල තුළ පොහොට්ටුවේ විනාශය වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙල ඔවුන්ටද අවබෝදවී නොමැති බව මේ සිද්දිය අපට පැවසු රත්කරව්වේ ආරියදාස වැඩිදුරටත් කියා සිටියේය.