Language Switcher

V2025

ඔය හිතාන ඉන්න සිරිසේන නොවේ !

ගරු ජනාධිපතිතුමනී......,

ඔබගේ බල කෑදරකමට ඔබ විනාශ වූවා මිසක ඔහු ඔබ විනාශ කලේ නැත. ඔබ ජනාධිපති වී සතියෙන් ඔබගේ ප්‍රකාශයක් වෙබ් පිටුවක් උපුටා දක්වා තිබිණ.එනම්..,

" ...... මම ඔය හිතාන ඉන්න සිරිසේන නොවේ..!"

මා ඊට පසුවදනක් එක්කරමින් ප්‍රකාශකලේ යම් ආකාරයට සමගිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග කටයුතු කලහොත් මෛත්‍රී නාමයද, වික්‍රමසිංහ නාමය මෙන් මහඉහළින් ශ්‍රී ලංකා ඉතිහාස පොතේ ලියවෙන බවයි.... එසේ නොවන්නේනම් ඔහු නින්දාවේ පතුලටම කිදා බසින බවයි. මම පේන කියන්නෙකු නොවේ. නමුත් පෙළගැසෙන කරුණු විග්‍රයක යෙදුනේනම් එම නිගමනය සරළය....

නමුත් ජයග්‍රහණයෙන් පසුව ඔබ වටා රැස්වූ හා ඔබ විසින් ලංකරගත් චිරස්ථිතික, කුහක පුද්ගලයින් හා බලවේග හේතූවෙන් ඔබ නැවත ජනාධිපති ලෙස පත්වීම්ට ඉව ඇල්ලූ අතර එහි කූඨප්ප්‍රාප්තිය ලෙස ඔබ විසින් ඔබව ජනාධිපති ලෙස පත්කල බලවේග ඔක්තොබර් 26 වන දින පවාදෙනු ලැබිණ. එය කිසිසේත් රනිල් වික්‍රමසිංහ පාවාදීමක් නොවේ. ඇතැම්විට එවැනි තීරණයකට ඔබ පත්වීමට එ.ජා.ප. ඇතුලේ බල අරගලයක යෙදී සිටින පිරිස් වක්‍රව හෝ ඔබව පෙළබෙව්වා විය හැක. කෙසේ හෝ අවසානයේ ඒ සියලු බලවේග පරාජය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදී කිරුළ පළදවා නැවතත් අප ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නැවත ඔබ ලව්වාම පත්කෙරෙවෙමු....! එය මුදලට කේවල් උන මැති, ඇමතිලාගේ මෙහෙයුමක් නොවේ. එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සත්‍යය මිනිසුන්ගේ මෙහෙයුමකි. ඇතැම් මැති, ඇමතිවරු ගණන් උස්සා උස්සා දවල්ට අරලියගහ මන්දිරයේද, රෑට විදුලි පහන් නිවා පැජට් පාරේ කල සාකච්චා අප දැනඋන්නෙමු.

ජනාධිපතිතුමනී ඔබට තුරුම්පු තියා රජ වංශයේ එක කොළයකුද අත ඉතිරි නොවේ. අයවැයෙන් 119 බලයක් වර්ථමාන ආණ්ඩුව පෙන්නා අවසන්ය. ඒ නිසා 3/2 බලයකින් මිස ඔබට ආණ්ඩුව විසිරවිය නොහැක. පළාත් සභාව ඔබ විසින්ම සීමා නිර්ණය උගුලක හිරකර එය අච්චාරුවක් කර ඇත. සැප්තැම්බර් 20 වෙනකම් එය කිසිසේත් පැවැත්වීමට නොහැක.(ඌව පළාත් සභාව විසුරවන දිනය). එසේනම් දැන් කල යුත්තේ ජනාධිපතිවරණයක් පැවැත්වීමය. එය ඉක්මන් කරන තරමට ඔබට හිතකරය. මක්නිසාද යත් ඔබ කිළී මහරාජා එක්ව සිදුකල 'සුරක්ෂා' ගණුදෙනුව, සුරෙන් බටගොඩ සමග එක්ව ' පාවෙන බලාගාර' , විජයදාස රාජපක්ෂ සමග එක්ව ' පිබිදෙන පොළොන්නරුව' හොරකම් දැන් දැන් හෙළිවෙමින් පැවතීමයි. ඒ නිසා ඉදිරි කාලයේ කාගේ නැතත් ජනාධිපතිතුමනී ඔබේ කොළේ ඉරෙනු අනිවාර්‍යය වේ...

නමුත් මෙදා අවුරුද්දේ මත්ද්‍යව්‍යය නිසා සිදුවූ අනතුරු යම් තරමක් අඩුව ඇතිබවට වාර්තා වේ. එහි යම් ප්‍රශස්ථයක් ඇත. ඒ හැර ඔබ වැපීරූ දෙයක් නොමැත....එමෙන්ම ගෝඨාභයට කිසිසේත්ම ජනාධිපති අපේක්ෂකයා විය නොහැක. හේතුව ඔහු ඇමරිකාවට ගොස් ඊට අදාල මූලික අවශ්‍යතාවයන්ද ඉටු නොකර ආපසු මෙහි පැමිණීමයි. නමුත් ඔබ වටා ඉන්න ඇතැමුන් ඔබව නැවත ප්‍රපාතයකට හෙළමින් ඇත. ඒ ඔබගේ ධූර කාලය ජනවාරී 8න් එහාට බල පැවැත්වෙන බවයි. එයද ඔබ වටා හිදිමින් රටේ සාරය අවසානය දක්වාම උන්ට සූප්පු කිරීමට අවස්ථාව උදාකරගැනීමට කරන ඊනියා මතයක් පමණී....ජනාධිපතිතුමනී කල යුත්ත ඔබ කරන්න. අප රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තීරණය සමග එක්ව ඒකී තීරණය ජයග්‍රහණය කරවන්නෙමු. ඒ අපගේ වහල් බාවය නිසා නොව , ඔහු මෙතෙක් බිහිවූ නායකයින් අතර විසල් දැක්මක් සහිත මෙන්ම විශ්වාසනීය නායකයා වන නිසාමය.

අවසානයේ මට කීමට ඇත්තේ සිරිසේන ජනාධිපතිතුමනී ඔබ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව, එකට ජනවාරී 08 දක්වා නිර්පාක්ෂිකව රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කලේනම් ඔබ විශ්‍රාමයන්නේ දියුණු රටක් නිර්මාණයට කැපවූ ශේෂ්‍ඨ නායකයෙක් ලෙසටය. නමුත් අවසානයේ පල්ලේවත්ත ගමරාළ පරපුරටම අත්විදින්න සිදුවූ 'නාම විනාශයට' මේ රටේ ජනාධිපති ලෙස පත්වූ ඔබද පත්විය....!

ජනාධිපතිතුමනී ' බලය ' යනු සිහිවිකල්ලයෙන් සෙල්ලම් දැමිය හැක්කක් නොවේ. එය සැමවිටම සීරූවෙන්, මාරුවෙන් භාවිතා කලයුතු, මනා සිහියෙන් පාවිච්චි කලයුතු මහාඅනර්ග වස්තුවකී...!

ගැලපෙන, ගැලපෙන පරිදි සැමට ආදේශකරගත හැක.
#PandulaPATHMANATH

(උපුටා ගැනීමකි)