මිනීමැරුමට දඬුවම් ලබාදුන් facebook සෙල්ෆිය

මිනීමැරුමට දඬුවම් ලබාදුන් facebook සෙල්ෆිය

ගෙල මිරිකා මරා දමන ලද තරුණියකගේ මිනීමරුවා සොයාගැනීමට facebook සෙල්ෆියක් සහාය වී ඇතැයි කැනඩාවෙන් වාර්තා වේ. එම ජායාරූපයේ 2015 වසරේ සිදුවූ මෙම ඝාතනය සඳහා යොදාගත් බඳ පටිය ඝාතනයට සිදුකළ තරුණිය විසින් පැළඳ සිටිනු දක්නට ලැබීම එයට හේතුවයි.

මෙලෙස මරා දමා තිබුනේ බ්‍රිට්නි ගගොල් නමැති 18 හැවිරිදි තරුණියකි. ඇයගේ ඝාතනයට වරදකාරිය වී ඇගේ හොඳම යෙහෙළිය වන රොස් ඇන්ටෝනි නැමැත්තියකි. මේ දෙදෙනාම අදාළ සෙල්ෆි ජයාරූපය සඳහා පෙනී සිට තිබේ.

බ්‍රිට්නිගේ සිරුර මහ මඟ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ අසල තිබී මිනීමැරීමට යොදාගත් බඳ පටියද සොයාගෙන තිබේ.

සිරුර සොයාගැනීමට පැය හයකට පෙර බ්‍රිට්නි ගගොල්ගේ සහ මිනීමැරුමට වරදකරුවී ඇති තරුණිය ඇතුලත් සෙල්ෆි ජයරුපය facebook වෙත මුදාහැර ඇතැයි පැවසේ.

රෝස් අධිකරණයේදී මුලින් පවසා ඇත්තේ මිනීමැරුම සිදුවූ දින ඔවුන් දෙදෙනා සාදයකට ගොස් අතරමගදී වෙන්ව තම තමන්ගේ නිවෙස් වෙත ගිය බවයි. නමුත් පසුව අධිකරණයේදී බ්‍රිට්නි සමඟ විවාදයක් අතිවූ බව පිළිගෙන ඇතත් තමන් යෙහෙළිය මරා දැමු බවට මතකයක් නොමැති බව රෝස් පවසා තිබේ.

බ්‍රිට්නි ගගොල්ගේ මරණයට වරදකරුවූ රොස් ඇන්ටෝනි වසර හතක සිර දඬුවමක් හිමිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න