යෝෂිත හොරෙන්ම යුග දිවියට

යෝෂිත හොරෙන්ම යුග දිවියට

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්‍ෂ නායක, කු.දි.පා මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් වන යෝෂිත රාජපක්‍ෂ මහතා විවාහප‍්‍රාප්ත විය.

ඒ නිතීෂා ජයසේකර නම් යුවතියක් සමගිනි.

මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ මෙසේය.

b7e8538115aca458752367323277de8f92a7b226

මීට මාස කිහිපයකට පෙර ඔහුගේ බාල සොයුරු රෝහිත රාජපක්ෂද විවාහ දිවියට ඇතුළත් වූ අතර වැඩිමල් සොයුරු නාමල් රාජපක්ෂයේ විවාහය ලබන සැප්තැම්බර් මාසයේදී සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

 යෝෂිත රාජපක්ෂ අද දින විවාහ ගිවිසගත් නිතීෂා ජයසේකර පිළිබද මීට පෙර කිසිදු සදහනක් නොතිබූ අතර මුලින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාගේ දියනිය වන යසාරා අබේනායක සමගද පසුව ලොහාන් රත්වත්තේ දියණිය වන යොහානා රත්වත්තේ සමගද යෝෂිත රාජපක්ෂ විවාහ වීමට නියමිත බවට තොරතුරු පළ විය.

ඒ දෙදෙනාම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියන් වූ අතර යසාරා අබේනායක සී එස් එන් රූපවාහිනියේ ඉහළ තනතුරක්ද හෙබවීය. රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන්ද පසුගිය සමයේ යසාරාගේ මෙන්ම යෝෂිතගේද නම් ඈදී තිබිණ. කෙසේ වුවද යසාරා පසුගිය සමයේ ශ‍්‍රී ලංකාව අත හැර ගොස් ඇති බවටද මාධ්‍ය වාර්තා පලවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න