පාස්පෝට් හොරු..................

පාස්පෝට් හොරු..................

මේ කවුද ඒයි ගෝරා කියන්නේ ?

ඇඳට වී මදක් ඇලවෙන්නට හදනකොටම බිරිඳ හදිසියේම කඩාගෙන පැන්නේ මගේ මොකක් හෝ හොරයක් හසු වී වන්නට ඇතැයි සිතූ මම ගෝරා ගෑවුණ නමක් වත් දන්නේ දැයි මඳකට සිතා බැලීමි.

මොකද තමුසෙ ගල් ගැහිලා. මම ඇහුවේ ගෝරා කියන්නෙ කවුද කියල ?

මං දන්නෙ කොහොමද ? ගෝරා කියා නමක් ඇති එකියක් හෝ එහෙම ගෑවුණු එකියක්වත් ජීවිතෙට හම්බ වී නොමැති බව සක් සුදක් සේ පසක් කර ගත් මම උත්තර බැන්දේ මොකක් හෝ කොස්සක් ඇති වග ඉවෙන් මෙන් දැන ගනිමිනි.

බොරු කියන්න එපා. තමුසෙ දන්නෙ නැත්තන් අර පොතක පිටි පස්සේ ලියල තියෙන්නෙ මම ගෝරා ට කැමති නෑ කියලා.

එකත් එකටම පහුගිය දවසක ප‍්‍රවෘත්ති නරඹන අතර වාරයේ පොතක පිටු පස හිටපු ආරක්ෂක ලේකම් වරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පිළිකුල නිසාම ගෝරාට කැමති නෑ යනුවෙන් තැබූ සටහන බිරිඳගේ නෙත ගැටී ඇති බව දැනගත් මම ඇයට පවසා සිටියේ ගෝරා යනු හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නම කෙටි කර ලියූවක් බවයි.

ආ ඒකද? මම හිතුවේ මොකක් හරි සක්කර වට්ටමක් කියලා. හරි දැන් මොකද ගෝරට කැමති නෑ කියල ලිව්වේ.
කැමති නෑ කියල ලිව්වේ කැමති නැති හින්දනේ.

ඇයි ඒ මනුස්සයට අකමැති වෙන්නේ. දැන් අර ඇමරිකාවේ පදිංචියත් බල්ලට දාලා අපේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීමම කොච්චර එකක්ද? කාටද එහෙම කැපවීමක් කරන්න පුලූවන්.

ඇමරිකාවේ පදිංචියට ගියේ කොහෙ පදිංචිය බල්ලට දාලාද දන්නෙ නෑ නේද?
බිරිඳගේ ප‍්‍රශ්නයට මමත් ප‍්‍රශ්නයක් යොමු කළෙමි.

ඒක නම් ඉතිං ඔය ඕන තරං කට්ටිය පිටරට පදිංචියට යන්නේ. අපිටත් යන්න පුලූවන්නං ?

ඒ පාර එන පොට එතරම් සුදුසු නැතැයි සිතූ මම කතාව වෙන පැත්තකට හැරවීමට උත්සාහ ගත්තෙමි.

දැන් ඔය ගෝරා ගැන ඔයා මොනවද දන්නේ ?
එයා ජාතික වීරයෙක් කියල තමයි අර කොම්බු ටී වී එකේ නම් නිතරම කියන්නේ. රට හදන්න එයාම ඕනෙ කියල අර රටට පුදුම ආදරේ හාමුදුරු කෙනෙකුත් කිව්වේ.

වෙන මොකුත් කිව්වෙ නැද්ද ?

වෙන මොනවද?

සුදු වෑන් වලින් අහිංසක මිනිස්සු අතුරුදහන් කරපු ඒවා. ලසන්තට මොකද වුණේ ? ඒකනැලිගොඩ කෝ . ලලිත් කූගත්ට මොකද කළේ. හිරගෙදර වෙඩි තිබ්බෙ කවුද ? රතුපස්වල මිනීමරුවො කවුද ? කටුණායක රොෂේන්ගෙ ඝාතකයො කවුද? ඒ ගැන මොනවත් කිව්වෙ නැද්ද ?

ආ ඒව ගැන නම් මොනවත් කිව්වෙ නෑ. ඇත්තට ඒව කෙරුවෙ කවුද ?

ඒව කරපු කෙනා තමයි ඔය රට බේර ගන්න හොඳයි කියල හාමුදුරුවො කියනනෙ.

එහෙම එකෙක් රට බේර ගන්න නෙවෙයි අර බන්ධනාගාරෙ අලූගෝසු තනතුරටනම් හොඳයි නේද?

බිරිඳගේ මොළය ටික ටික පෑදී එන බව තේරුණු මම ඊට තව තවත් කරුණු එකතු කළෙමි.

දැන් ඔය ටී වී එකේ කිව්වද ඇමරිකාවෙ පදිංචිය අත් ඇරියා කියලා.
එහෙනං. ඔය කිව්වෙ. දැන් ඔක්කොම හරි කියලා.

ඕකනෙ මේ යක්කු ජනාධිපතිවරණෙට එන්නත් කලිං ඉ`දලම මිනිස්සු රවට්ටනවනේ. ඒ යකාගෙ 2ැමරිකාවේ පුරවැසිභාවය තවම අයින් කරලා නෑ. මීට අවුරුද්දකට විතර කලිනුත් ඔය චැනල් එකේමද කොහොද කියනව මම අහගෙන පුරවැසිකම අයින් කරා කියලා. ඇමරිකාවේ පුරවැසිකම ගන්නවා වගේම තමයි අයින් කරන එකත්. ඒකට අවුරුද්දක්වත් යනවා. අද ගිහින් හෙට අයින් කර ගන්න බෑ.

එහෙනං ඔය කියන්නේ. අර මොකකද ලියවිල්ලකුත් පෙන්නුවේ.

ඒ ලියවිල්ල ඇමරිකාවේ පුරවැසිභාවය අයින් කර ගන්න කියල මෙයා ඉල්ලපු එක හමුබවුණා කියල එහෙ ආගමන විගමන එකෙන් දීපු ලියුම. හරි ඉතිං එහෙම පුරවැසිකම අහෝසි කරගත්තනම් පිළිකනු ගානේ කියවන්නෙ නැතිව ඉස්සරහට ඇවිත් කියන්න පුලූවන්නේ. කෝ එහෙම කරන්නෙ නෑනේ.

එහෙනං එයා කොොහමද අර ලංකාවෙ පාස්පෝට් එකක් අරන් තියෙන්නෙ. දිවිත්ව පුරවැසිභාවය නැත්නම් විතරනෙ ලංකාවෙ එකක් ගන්න පුලූවන්.

ඒ පැත්තෙ ඉන්නෙ පාස්පෝට් හදන්න කප් ගහපු අයනේ. ඇයි අර එක පාරක් දැක්කෙ නැද්ද ගෑණියි මිනිහයි දෙන්නම හොර පාස්පෝට් හදලා මාට්ටු වුණේ’ තාම නඩු. ඒවගෙන් බේරෙන්න තමයි ඔය දැන් දගලන්නේ.
ඉතිං කොහොමද මේ වැඬේ එහෙම එකක් කියන්නේ.

ඒ ගොල්ලෝ තරම් අහුවෙන්නේ නැතිව හොර ගේම් ගහන්න මේ දකුණු ආසියාවෙන නැතුව ඇති.

හරි ඉතිං කියනවකෝ දැන් මේ හොර පාස්පෝට් හදලා තියෙන්නේ කොොහාමද කියලා.
බිරිදගේ පෙරැුත්තය නිසා මම සිද්ධිය අග ඉ`දන් මුලටම කීවෙමි.

දැන් ඔය ලංකාවෙ එක හදන්න ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ තමන් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කියලා. මෙයා එහෙම එක්ක දාලා නෑ. මේ පාස්පෝට් එකේ ඉල්ලූම් පත්තරේ භාර අරන් තියෙන්නේ හවස 3න් පස්සේ. එහෙ භාර ගන්න නීතියක් නෑ. හොඳම දේ තමයි මේකට දාලා තියෙන අයිඩින්ටි නම්බර් එක. ඒක අලූත් එකක. ඒ නම්බර් එක එන්ටර් කරපුවාම මෙයාට ඩුවල් සිටිසන් තියෙනවා කියලා පෙන්නන්නෙ නෑනේ’
ඔන්න ඔහොම තමයි එයා පාස්පෝට් හදලා තියෙන්නේ.

එතකොට එහෙම එක් කෙනෙක්ද මේ ජනාධිපති කරන්න හදන්නේ. යැයි පැවසූ බිරිඳ මම ලියා තිබූ තැනින්ම පහලින් මමත් ගෝරාට කැමති නෑ යැයි ලියනවා දුටු මම ආපහු දෑස් පියා ගත්තේ කෙටි නින්දකට ඇරයුම් කරමිනි. -

අසංක ධර්ම ශ්‍රී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න