හැංගි හැංගි බඳින වෙස්......

හැංගි හැංගි බඳින වෙස්......

hemalayaකාම්බෝජ සංචාරයෙන් සිරි ලංකාවට සතර මහා නිධානයම අරං එන්නට හැකි වීම පිළිබදව පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් සිටි ජනාධිපතිවරයා රාත‍්‍රී 10 වන්නටත් පෙර නින්දට වැටුණේ රට තුළ උද්ගලතව ඇති දේශපාලන අලකලංචිය ගැනවත් බිදකුදු නොසිතමිනි. තමන්ට බෞද්ධ රටකින් මහත් පිළිගැනීමක් ලැබූණයි සිතූ ජනාධිපතිවරයා හෙට දවසේ මුළු මහත් බෞද්ධ රටවල් සියල්ල එකතුව තමන් එකම බෞද්ධ නායකයා යැයි හඩ නගා කියනු ඇතැයි සිතුවේ නින්ද සිහිනයක් ආසන්නයටම ගෙන යමිනි.

ඒ මොහොතේ ඔහු සිටියේ ඊළග ජනාධිපතිවරයා ලෙස සිංහාසනාරූඪවය. තමන් නැවතත් ජනාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්කර ගැන්මට සමස්ත ශ‍්‍රී ලාංකිකයන් ජාති ආගම් භේද පසෙකලා එකා මෙන් සිදු කළ කැපවීම වෙනත් කිසි`දු නායකයෙකුට නොලැබෙන අවස්ථාවක් බව සිතූ එතුමා එය තමන්ගේ විශිෂ්ට සේවාවට කළ ගුණ සැළකීමක් බව සිතා ආඩම්බර වන්නට විය. තමන්ගේ එක පැත්තක ගෝඨාත් අනිත් පැත්තෙන් පත්කර ගන්නට යන අගමැතිවරයාත් දැන තමනගේ සුවච කීකරු ගෝලයන් බවට පත්ව ඇති බව සිතූ ජනාධිපතිවරයා අමාරුවෙන් කෙලින් කරගත් කොන්ද සිිංහාසනයට හේත්තු කරමින් දෑස් විවර කර ඉදිරිපස බැලූවේ තමන් වටේ තව මොකා මොකා හිලෑ වී ඇකත්තැයි සැක හැර දැන ගැනීමටය. දෑස් විවර වනවාත් සම`ගම දුටු දසුනෙන් සරමත් යාංතං තෙත් වූ බවක් තේරුණු ජනාධිපතිවරයා මුහුණේ හීන් දාඩිය බිංදු දෙක තුනක් පිස දැම්මේ තමන් බය වූ බව කිසිවකු දැනගනීයැයි සිතමිනි.

තමන්ගේ ඉදිරිපසින් රනිල් සජිත් සහ පිරිවර සමග අවි අමෝරාගෙන සිටිනු දුටු ජනාධිපතිවරයා ගැස්සී ඇහැරුණේ මුන් මට හීනෙන්වත් ආයෙත් ජනාධිපති වෙන්න දෙන්නෙ නැති හැටියක් යැයි කෑ ගසමිනි. කොතරම් භය වූවාද කියතොත් තොල කටත් වියළී ඇති බව දැනගත් ජනාධිපතිවරයා නැගිට කාමරයේ ලයිට් එක දැම්මේ වතුර බිංදුවකින් තොග තෙමා ගන්නටය. ලයිට් එක පත්තු වෙනවාත් සමගම මතු වුණු හේමලයා දුටු ජනාධිපතවරයා මේකත් මම පස්සෙන්ම එනවනේ සිතමින් වතුර වීදුරුවෙන් තොල තේමා ගත්තේ දැන් දැන් හේමලයාත් ඔනෑවට වඩා වැඩි යැයි කල්පනා කරමිනි.

මොකද මේ දෙගොඩ හරියෙ හැඇරගෙන

දැන්නං ඉතිං හේමලයාගෙන් ගැලවුමක් නැතිබව දැනගත් ජනාධිලතිවරයා ඊට උත්තර දුන්නේ එහෙම හරි තමන්ගේ දුක අහං ඉන්නට එකෙක් සීටීම පිළිබද සතුටු වෙමිනි.

දෙගොඩ හරියෙ ඇහැරගෙන කියන්නෙ අරුං මට බුදිය ගන්නවත් දෙන එකක් යැ

කවුද? සහරාන්ද

සහරාන්වත් ටිරාන්වත් නෙවෙයි.

අන්න අර යූ ඇන් පී එකේ උන්.

ඇයි දැන් ශ‍්‍රී ලංකා එකට පනින්න කෝල් අරං කරදර කරනවද?

උන්ට ශ‍්‍රී ලංකා එකට පනින්න තරං අමාරුවක් තියෙනවාද? මේකට පැනල උන් මොනව කරන්නද ? මේකට පනින් එකෙකුට දැං වෙන්නේ කනේරු කාලා මැරෙන්න තමයි.

එහෙනං බුදියන්න දෙන්නේ නෑ කිව්වේ?

නෑ බං මම මේ හොද හීනයක් දැක දැකා හිටියේ. ඒ හීනෙත් අර රනිලූයි මිනිහගෙ සෙට් එකයි හිටියනේ මාව මරන්න වගේ.

ආ ඒකද? ඉතිං දැන් ඔබ තුමා ඒ මිනිස්සුන්ට කරපු දේවල් හැටියට එහෙම දෙයක් නොකර ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්’

ඇයි මම මොනවද කරේ ?

ඇයි යකෝ ඒ පක්ෂෙ මිනිස්සුන්ගේ ඡන්දෙ දිනලා ඒ මිනිස්සුන්ගේ කර පිටින් ජනාධිපති වෙලා පස්සේ ඒ මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරපු එක කොයි තරම් අසමජ්ජාති වැඩක්ද ?

එහෙම නැතුව හරියන්නෙ නෑනේ. උන්ගෙත් එකක් හිටියනං මම අවලංගු කාසියක් වෙනවා.

දැනුත් ඉතිං ඒකෙ වෙනසක් නෑනේ.

හේමලයා කියූ කතාවට ජනාධිපතිවරයාගේ හදවත කී ගාන්නට වුවද එය පිටතට නොපෙන්වා තවත් වතුර පොදකින් තොල තෙමා ගත්තේ ඇත්තටම තමන් දැන් අවලංගු කාසියක් බවට පත්ව ඇතිදැයි ආවර්ජනය කරමින්.

ඒක නෙවෙයි මොකද මේ දවස්වල සද්ද නැත්තේ ?

සද්ද දාලා මොනව කරන්නද ? මම සද්ද දැම්මා කියලා මේ ඉන්න එකෙක්වත් මම කියන දේ අහන්නෙ නෑනේ.

එකෙක්වත් කිව්වේ පක්ෂෙ වුණුත් එක්කද?

ඔව් පේන්නෙ නැද්ද මම පව් කියලා ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගත්ත වුනුත් දැන් මට කොකා පෙන්නනවා. ඔය ඉතිං ආතක් පාතක් නැති දෙතුන් දෙනෙක් ඉන්නවා. උනුත් කොයි වෙලාවේ මාව දාලා මාරුවෙයිද දන්නේ නෑ.

හැබැයි අර සිරියි, වල්ගමයි නම් තාම ඉන්නවා නේද?

උන් දෙන්න ඉන්නවා. උන් දෙන්නට විතරයි මාව ආපහු ජනාධිපති කරන්න ඕනේ කියලා හිතෙන්නේ. වෙන එකෙක්ටවත් එහෙම හිතෙන්නෙ නැති එකනෙ වැඬේ.

දැන් එතකොට අර පොහොට්ටුවේ අපේකෂකයට ඔබතුමා සහාය දෙනවා කියල කතාවක් යන්නේ ?

කවුද මම. මම නම් සහයෝගය දෙන්නේ නෑ. කව්ද කියන්නේ ?

හරි එතකොට මහිනද්ල එක්ක ඞීල් එකක් ඇත්තෙම නැද්ද ?

එහෙම ඞීල් එකක් නෑ.

එහෙනම් හොරෙන් හමුබ වුණේ.

කවුද ? ආා ඒ හම්බ වුණේ අර ගුවන් හමුදාවෙයි, නේවි එකෙයි ලොක්කන්ට තරු දෙන්නනේ ?

එයාද ඒව දෙන්න කිව්වේ ?

ඔව්. ඔව්.

ඒකත් ඞීල් එකේ කොටසක් නේද?

මොන ඞීල් එකක්ද ?

හරි හරි බලමුකෝ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියෙනේ.

මේකා එක්ක තවත් කතා කරන්න ගියොත් තමන්ගේ ඉතිරි වී ඇති සායමද යන බව දැනගත් ජනාධිපතිවරයා ලයිට් එක නිවා දමා ඇදට පැනගත්තේ සිහිනයේ ඉතිරි හරිය රස විදීමේ අපේක්ෂාවෙනි.

අසංක ධර්ම ශ්‍රී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න