Language Switcher

V2025

නෝ මාර්ක් - චූ මාර්ක්

ජනාධිපතිවරණයට දින නියම වී තිබියදීත් හරි හැටි ඇපයක්වත් භාර දෙන්න තරම් සුදුසුකමක් දැන් තමන්ට නැති බව තේරුම් ගත් පොහොට්ටු අපේක්ෂකයා මැණික් ගග අසබඩ තමන්ගේ නමට විදුලි බිල එන එහෙත් තමන්ගේ නොවුණු ගෙදර කාටවත් නොපෙනෙන කාමරයේ මුල්ලකට වී සිටියේ තව දින දෙක තුනකින් තමන් හතර විලි ලැජ්ජාවට පත් වෙනු නියත බව වටහා ගනිමිනි. කාමරය වසා පැතිරුණු අදුර නිසා කොහෙන් හෝ එබී බලන එකෙක්වත් තමන් නොදකිනු ඇතැයි සිතූ පොහොට්ටු අපේක්ෂකයා සිතුවේ දැන් තමන් කළ පව් පස්සෙන් පන්නන්ට පටන් ඇති බවයි. බලය තියෙන කාලයේ මිනිස්සු අමු අමුවේ මරා දමන්නට උපදෙස් දුන් තමන්ට හෙට අනිද්දා ඒ මිනිස්සුම හොද පාඩමක් උගවන් ඇතැයි දැන් දැන් වැටහෙන බව තක්කෙටම අවබෝධ කරගත් අපෙක්ෂකයා බලයට තියෙන කෑදර කමට අපේක්ෂකකම ගත්තත් දැන නම් වැලේ වැල් නැතිව යනු නියත යැයි සිතුවේ ඒවා මතක් වෙද්දී ටිකෙන් ටික කළිසම තෙත් කළ චූ මාක් දෙසද නැවී බලමිනි. චූ මාක් දකින විටත් කමලා මතක් වී ඇගේ මාලූ නටන බව තේරුනු අපෙක්ෂකයා මේවා චූ මාක් දැයි හරියටම දැන ගන්නට කාමරේ විදුලි පහන දල්වන්නට විය.

‍එකෙනෙහිම තම සිරුර හරහා ගිය ලයිට් එළියෙන් බිත්තිය මත හේමලයා ප‍්‍රාතීර්භූත විය.

අලූත් නම මරු නේද ?

මුන්ට නොපෙනෙන්න කොයි තරම් හැංගිලා හිටියත් රාජපක්ෂලාගේ කක්කුස්සි ගානෙත් රිංගන පාක්ෂිකයෙක් එකත් එකටම තමන් ඉන්නා තැන දැන ගෙන ඇතැයි සිතූ අපේක්ෂකයා වහා පැන ලයිට් එක නිවා දැම්මේ කක්කුස්සි පාක්ෂකයා තව දුරටත් තමාව දැක්කොත් නිසැක වශයෙන්ම චූ මාක් හෝ ගූ මාක් හදුනා ගනු ඇතැයි සිතමිනි.

මෙහෙම බයේ සිටියහොත් කවදාවත් තමන්ට එළියට බහින්න සිදු නොවෙන බව කල්පනා කළ අපේක්ෂකයා දැන් ඉතින් පරදින්න හරි බැදගත්ත බෙරේ ගසන්නට තීරණය කළේ නෝන්ඩි වී හො ඉතුරු වුණොත් ඇති යැයි සිතමිනි. දකින එකෙක් දැකපුදෙන් කියා යළිත් ලයිට් එක දැමූ අපේකෂකයාට තමන් ඉදිරියේ සිටි හේමලයා පැහැදිලිව දැකිය හැකි විය.

 මම ඇහුවේ අලූත් නම මරු නේද ?

 ආ... ඒක ඇහුවේ උඹද ? මම හිතුවේ අර රාජපක්ෂල කක්ක කරපුවත් ඉඹින්න එන පාක්ෂකයෙක් කියලා. මොකක්ද උඹ ඔය කියන අලූත් නම ?

 ඇයි චූ මාක් ..

 හේමලයා එහෙම කිව්වේ බයටම කළිසම වරින් වර තෙත් කළ චූ පැල්ලම් දැකක් හින්දාවත්දෝයි සිතූ අපේක්ෂකයා අත් දෙකෙන්ම අදාළ ස්ථානය වසාගෙන හේමලයා දෙස බලා සිටියේ අනේ මාව බේරා දියන් කියන්නාක් මෙනි.

 පටන් ගද්දි සිංහයා වගේ ආවට දැන් බලූ වෙලා නේද?

 කව්ද බලූ වෙලා ඉන්නේ. මම නම් බලූ වෙලා නෑ. මේ වටේ ඉන්න උන් තමයි මාව බලූ කරන්නේ.

 ඔව් ඉතින් වටේ කියප හොද උන් නෑනේ.

 හේමලයා කියූ කතාව සහතික ඇත්ත බව කල්පනා කළ අපෙක්ෂකයා තමන්ගේ වටේ ඉන්නේ කවුදැයි කල්පනා කරද්දී වීරවංසයා, අප‍්‍රසන්න රණවීරයා, කට වාචාල ගෙම්බන්පිලා තමා දෙස විරිත්තාගෙන සිටිනු දැක ඔලූවේ අත් දෙක ගසා ගත්තේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ මුං එක්කදැයි සිතමිනි.

 ඒක නෙමෙයි අන්න සජිත් එනවලූ යූ ඇන් පී එකෙන් ?

ඒකනේ බං මම හැංගිලා ඉන්නෙ. මේ පාර රාජපක්ෂ නමටත් එක්ක කෙළයෙන සයිස් එකක් තියෙන්නේ.

 දැන් එතනොට ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ නැද්ද ?

 කොහෙද මේ මී හරක් පාක්ෂිකයො එක්ක බෑනේ. මාවම කන්න හදනවනේ. ඉල්ලන්න වෙනවා.

 අර පුරවැසි සීන් එකවත් හරි ගියේ නැත් නම් ගොඩ නේද?

 ඔව් ඔව්. කොහොම හරි ඇමරිකාව පුරවැසි සීන් එක අයින් කරේ නැත්නම් මට ජාමෙ බේර ගන්න පුළුවන්. කොහොමත් පැරදුනාම ආයෙ යන්න එපායි. නැත්නම් හතර විලි ලැජ්ජාවයි.

 අර රතු සහෝදරයා විවාදෙකට එන්න කිව්වේ ?

 ඒකත් එක්ක විවාදෙකට යන්න තියා මට හරියට ස්ටේජ් එකේදි කතා කරන්නවත් පුළුවන්ද? ඕකට ගියොත් ඔය ඉන්න පාක්ෂිකයන්ගෙන් යමක් කමක් තේරෙන එවුනුත් අයින් වෙනවා.

අර ආබාධිත රණ විරුවන්ව කඬේ ඇරපු කේස් එකත් හරි ගියේ නෑ වගේ නේද?

ඒකනේ. ඒකටත් මේ මංගලයා හරහට හිටියනේ. මම බැලූවේ උනව කඬේ යවලා ඡුන්ද ටිකක් ගන්න.

ඇත්තටම ඒ අයට ඒ කාලෙ ඔය කියන දීමනා දෙන්න තිබුණනේ ?

 තිබුණා තමයි.

 නොදුන්නේ ?

ඒ සල්ලි ඉතින් අපේ වැඩට ගත්තනේ.

අර අපි වෙනුවෙන් අපි සල්ලි වලට මොකද වුණේ ?

api

ඒවට මොකද වුණේ කියල මම ජනාධිපති වුණ ගමන්ම පරීක්ෂනයක් කරනවා කියල මම රටට කියල තියෙන්නේ .

ඒ කිව්වේ ඒවට මොකද වුණේ කියල දන්නෙ නැද්ද ?

නැති හින්දනේ පරීක්ෂනයක් කරන්නේ.

ඒක බාරව හිටියේ ඔබ තුමාමනේ ?

මම තමයි. ඒ වුණාට ඒ සල්ලි මම ගත්තේ නෑ.

එහෙනම් කවුද ගන්න ඇත්තේ ?

මොකා කියල සැක කරන්නද? ඉන්න ඔක්කොම හොරුනේ.

අර යාපනේ උසාවියට යන්න බෑ කිව්වෙ මොකද?

ගියොත් මිනිස්සු ගහනවා. ඒකනේ

ඇයි ගහන්නේ ?

උන් දන්නවා ලලිත්, කූගන් දෙන්නට මොකද වුණේ කියලා.

එතකොට එහේ යන්නෙම නැද්ද ?

එහේ යනවට වඩා හොදයි හිරේ යනවා.

ඒ කියන්නේ කරල තියෙන වැරදි පිළි ගන්නවා.

වැරදි කෙරුවට ඒව පිළි ගන්නම ඕනෙ නෑනේ. ඔය රාජපක්ෂලට කඬේ යන නීතිය නමන අය ඉන්නේ. එයාලට කියල නඩුව පැටලූවාම ඉවරනේ.

ඒ වුණාට හෘද සාක්ෂයට බොරු කරන්න බෑනේ.

එහෙමනම් කරල තියෙන හොරකම් දූෂණ හෘද සාක්ෂියට අනුව හිතුවොත් ඉතිං රාජපක්ෂල මේ රටේ ඉන්නත් බෑ.

තමනුත් පවුගේ උනුත් එක්ව කළ හොර මැරකම් ගැන මතක් වෙද්දී යලිත් කළිසම තෙත් වෙන බව දැනගත් මේ වීර සෙන්පතියා දැන් නම් පිටිපස්සෙනුත් කලිසම තෙත් වනු ඇතැයි සිතා වැසිකිලියට දිව්වේ හේමලයා සිටින බවද අමතක කරමිනි.

අසංක ධර්මශ්‍රී