Language Switcher

V2025

වර්ජන පක්ෂ.............

බිරින්දැවරුන්ගේ වුවමනාවටත් වඩා තමන්ගේ වුවමනාවට ඉල්ලීම් දිනා දීමට යයි කියමින් තමන් විසින් උද්ඝෝෂණයක නිරත කරවූ ආබාධිත යුධ හමුදා විරුවන්ගේ උද්ඝෝෂණයත් අවසානයේදී සජිත්ටම ලකුණු දාගන්නට වූ ආශිර්වාදයක් බවට පත් වීම හේතුවෙන් කන් දෙකෙන් දුම් දමමින් සිටි මහ රජාණෝ ජනාධිපති අපේක්ෂකයාගේ පූචානම් දිග හරින්නට වූයේ මෙහෙමත් ගොනෙක් පාක්ෂිකයෝ ඉල්ලන්නේ අහවල් කෙංගෙඩියකටදැයි කල්පනා කරමිනි. ලොක්කාට මල පැන්න විට අහල පහලක සිටීම ඇගට ගුණ නැති බව දත් ඇගිට්ටෝ හීන් සීරුවේ වැසිකිළිය දෙස ලිස්සා ගියේ එකත් එකටම ජනාධිපති අපේක්ෂකයාද ඒ අහල පහලක හැංගී සිටින නිසාවෙනි.

සාලයේ තබා තිබූ සෝෆාවට පයින් එකක් ගසමින් මල් වාස් එකක් පාවෙන පීරිසියක් බවට පත් කළ මහ රජානෝ තොපි මාව කෑවනම් ඉවරයි යකෝ කියමින් මර හඩ නගන්නට විය.

එකෙනෙහිම බිත්තිය මත පතිත වූ හේමලයාණෝ

මොකද සර් මේ කලබලේ ?

කලබලේ....... කලබලේ මොකද කියල බලන්න එක බල්ලෙක් නෑ. ජනාධිපති අපේක්ෂක කම ඉල්ලගෙන නම් එනවා. කරන්න පුලූවන් පුකකුත් නෑ. කියමින් තවත් හයියෙන් කෑranawiru 10000px ගහන්නට විය.

කාටද දැන් ඔය කෑ ගහන්නේ ?

කාටද ඉති අර මං ඉන්න කාලේ මාවත් කාලා දැන් මගේ නමත් කන මී හරකට මිසක්.

මී හරකා කියූ විගසම හේමලයාට මතක් වූ නම එහෙම්මම අත ඇරියේ හරියටම ඔය කියන්නේ මෑන් ගැනදැයි දැන ගැනීමටය.

ඔය කියන්නේ අපේ ලොකු බේබි ගැනද

ඒකා ගැනත් හෙට අනිද්දා මට බලන්න වෙයිද දන්නෙ නෑ. ඒක ගැන නෙවෙයි මම කියන්නේ අර ගෝතයා ගැන.

හේමලයාට කාරණේ වැටහුනේ එවිටය.

දැන් ඉතින් ඔය මොකටද කෑ ගහන්නේ ?

කෑ ගහන්නේ. මම අ රමට කඬේ යන රණ විරුවෝ කියලා කියාගන්න සෙට් එකක්ට වැඩක් භාර දුන්නා. උන් ඒ වැඬේ ගානට කෙරුවා. දැක්කනේ රටම කම්පා කරල කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා උපවාස කරපු සෙට් එක.

ඉතින්.

ඉතින් මම මේ ගොනාට කිව්වා තැටිය රත් වෙලා තියෙන වෙලාවේ එතෙන්ට ගිහින් මොනවා හරි කියලා ලකුණු ටිකක් දාගන්න කියලා.

ඉතිං ගියේ ?

ගියාට ඉතින් ලකුණු දාගෙන නෑනේ. එතන හාල ඇවිත් තියෙන්නේ

ඇයි ඒ ?

ඌට යුද්ඹෙට ගිය කොල්ලො එක්ක කතා කරන්න බයයි කියන්නේ. බය නෙවෙයි තියෙන්නේ ලැජ්ජාව. ඌ යුද්ධෙ දාලා යද්දි ඒ කොල්ලො ටික ජීවිත ගැන හිතන්නෙ නැතුව යුද්ධ කලානේ.

ඒක නම් ඇත්ත කියූ හේමලයා පෙරළා ඇහුවේ. දැන් ඉතින් එතන මොකද වෙලා තියෙන්නේ කියාය.

වෙලා තියෙන්නේ. අර සජියා එතෙන්ට ගිහින් ඒ කොල්ලන්ගේ ප‍්‍රශ්න ටික විසදලා දෙන්නම් කියලා යන්න කිව්වා. උන් කැමති වුණා. උන් එවෙලෙම යන්න හැදුවේ. මම කෝල් කරලා කිව්වා මම එනකල්වත් ටිකක්දලා මගේ නම්බුව උඹලවත් බේරලා දීපල්ලා කියලා.

කොහොමටත් ඉතින් හමුදාවේ කොල්ලො ටික නොහිටින්න බලන්න තිබුණා සර්ගේ නම්බුව යැයි කියූ හේමලයා නෝන්ඩි හිනාවක් පාන්නට විය.

මේකා ඇගට නොදැනීමාව කපලා දානවා නේදැයි සිතූ මහ රජාණෝ සාටකය ගස්සා පස්සට දා ගත්තේ තෝ මගේ හේමලයා නොවේනම් මෙලහටත් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට එකතු වී ඇති බවට පවසමිනි.

ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?

ඒකෙන් කොහොවත් හිටිය සජියා ගොඩ ගියා. මම යන්තම් ගිහින් තැඹිලි ටිකක් පොවලා වැඬේ මම කරා වගේ සීන් එක දුන්නා. නැත්නම් අර කොම්බුවෙ උන්ටයි, ඉහළින්ම ඉන්න උන්ටයි නිව්සු එකක්වත් නැතුව යනවනේ.

දැන් ඔය අපේක්ෂකයා ෂුවර් එකටම එනවාද?

ඒකා එනවද නැද්ද කියන එක උඹට ඉස්සරහට බලා ගන්න පුලූවන්. හැබැයි ඉතින් ඒකා එනවට වඩා අර පොලොවෙන් ඉපදුණු ඩයල් එකත් එක්ක ගිවිසුමක් ගහලා මිනිහට අපේක්ෂක කම දුන්නා නම් මීට වඩා හො`දයි යයි කීවේ හොරෙන් හොරෙන් පොලෙවෙන් ඉපදුන එකාටත් ගොට්ට අල්ලන පොහොට්ටුවේ එකෙක්වත් අහල පහලක අහගෙන ඉන්නවාදෝයී බලමිනි.

දැන් එතකොට හමුදාවෙ උපවාසය ඔබ තුමාගෙ ණම් අර දුම්රිය සේවකයන්ගේ උපවාසෙ කාගෙද ?

ඕක ඉතින් එදා ඉදන්ම පාලනය කළේ බැසිල්නේ. උන් වැඩ කරනේන බැසිල් කියන විදියට. ඒකේ නායකයෝ බැසිල් ගේ අසූචිත් කන සේට් එකක්.

ඒ් වුණාට ඒකෙන් තැලෙන්නේ මිනිස්සුනේ ?

මිනිස්සු තැලූනට උන් හිතන්නේ මේක ආණ්ඩුවෙන් කරන එකක් කියලනේ.

දැන් මිනිස්සු හැමදේම හොයා බලනවා.

හොයලා බැලූවට බලපංකෙේ ඡුන්දෙ දවසට ඔය කෝච්චියේ එන වුන්ගෙන් භාගෙට භාගයක් ඡන්දෙ දෙන්නේ අපිට.

එයාලා මේ ස්ට‍්‍රයික් එක පිටි පස්සේ ඉන්නේ ඔබ තුමාලා කියලා දන්නේ නැතිව ඇති ?

දන්නවා. දන්නවා. කොච්චර දැන ගත්තත් ඉතින් මී හරකා මී හරකමනේ බං.

දැන් හදිසියෙවත් ඉන්න අපේක්ෂකයට ඉල්ලන්න බැරි වුණෝත් ?

බැරි වුණොත් චමල් දානවා. නැතනම් බැසිල්, නැත්නම් ශිරන්ති ඔය ඉන්නේ ඕන තරම් ?

ඔක්කොම රාජපක්ෂලානේ ?

ඔව ඉතින් මේක අපේ පක්ෂෙනේ. අනික අපේ පාක්ෂකියනට රාජපක්ෂ කියන නම තිබුණොත් ඇති උඩ පැනගෙන කතිරෙ ගහන්නේ. රාජපක්ෂ කියල ගෙදරකට ගියොත් තමන්ගේ ගෑණු උනත් දෙන සෙට් එකක් අපි ළග ඉන්නේ.

ඕකට විරුද්ධ වෙන එකෙක්වත් නැද්ද ?

විරුද්ධ වෙන උන්ට ඉතින් ආපහු ඉන්න වෙන්නෙ නැති බව එයාලා දන්නවනේ .

ඒ ඔක්කොම ඉල්ලන්න බෑ කිව්වොත් ?

ගෙදර බල්ලා දානවා.

දිනයිද?

දිනුවත් නැතත් අපේ උන් ඡන්දෙ දෙයි.

කියමින් මහා රජාණෝ වැසිකිළිය දෙසට දිව ගියේ ජනාධිපති අපේක්ෂකයා සැගවී සිටින බවට ආරක්ෂක අංශයෙන් ලැබුණු ඉගියකට අනුවය.

අසංක ධර්මශ්‍රී